News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

ගේල් ඉන්දියාවට යන්න බෑ කියයි

2443 Views


ගේල් ඉන්දියාවට යන්න බෑ කියයි

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී කොදෙව් පිල නියෝජනය කිරීමට තමන් සූදානම් නැහැ කියලා කොදෙව් පිලේ හිටපු ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් කියලා තියනවා. කොහොම වුනත් එංගලන්ත පිලේ කොදෙව් සංචාරයේදීත් ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදීත් කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලෑස්තියි කියලත් ඒ රටේ ක්‍රිකට් බලධාරින්ට ගේල් කියලා තියනවා.

ඉන්දීයාව සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර මෙම තරගාවලියේදී එක්දින තරග 5 / විස්සයි-20 තරග 3 පැවැත්වෙනවා.

ක්‍රිස් ගේල් “බැහැ”කිව්වත් කිරන් පොලාර්ඞ් , ඩැරන් බ්‍රාවෝ මේ එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී කොදෙව් පිල හා එක්ව සිටිනවා

තිස්නව හැවිරිදි ක්‍රිස් ගේල් මේ වනවිට ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් ලීගය වෙනුවෙන් ක්‍රීඩා කරමිනසිටින අතර ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටී-10 තරගාවලිය සඳහාත් ක්‍රීඩා කිරිමට සුදානමින් සිටීම මේ විදිහට බැහැ කියන්න හේතුව වෙන්න ඇති කියලයි විදෙස් මාධ්‍යය කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post