News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ටිට්ලි ලංකාවෙන් ඈතට යයි. අලුත්ම කාලගුණ වාර්තාව මෙන්න.

1177 Views


ටිට්ලි ලංකාවෙන් ඈතට යයි. අලුත්ම කාලගුණ වාර්තාව මෙන්න.

පහුගිය දවස් කිහිපයේ ලංකාවට කරදර කරපු ටිට්ලි ලංකාවෙන් ඈතට යන්න පටන් අරං. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරේ එය වයඹ දෙසට ගමන් කරමින් සීමාවෙන් ඉන්දියාවට ඇතුළු වෙනවා කියලා.
මේ නිසා දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් හෙට සිට අපේක්ෂා කරනවා. කොහොම වුනත් අද බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්.
දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි ඇති වෙනවා. බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර 50 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post