News Line| Off Air
Generic placeholder image

Oct
10

ක්‍රිකට් ගුරුවරු සහ සිංහයන් අතර පළවෙනි එක්දින තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

1911 Views


ක්‍රිකට් ගුරුවරු සහ සිංහයන් අතර පළවෙනි එක්දින තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරඟාවලිය අද ආරම්භ වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වේලාවෙන් දහවල් 2.30 ට තරඟය ආරම්භ වෙනවා. දිවා රාත්‍රී තරඟයක් විදියට තමයි අද තරඟය පවත් වෙන්නේ.

තරඟයට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. අවසන් වතාවට එංගලන්තය සහ ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියක් පවත්වන්නේ 2016 දී. ඒ එංගලන්තයේදී. එම තරඟාවලිය 3 – 0 ක් විදියට ජය ගන්න එංගලන්තය සමත් වුණා. අවසන් වරට ලංකාවේදී දෙරට අතර එක්දින තරඟාවලියක් පැවැත්වුණේ 2014 දී. ඒ තරඟාවලිය 5 – 2 ක් විදියට ජය ගත්තේ ශ්‍රී ලංකාව.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව එක්දින තරඟ 69 ක දී. මුණගැහිලා තියෙනවා. ඉන් තරඟ 34 ක් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකාව සමත්වුණා. එංගලන්තය තරඟ 33 ක් ජයග්‍රහණය කරා. එක තරඟයක් ලකුණු සම වෙලා අවසන් වෙද්දී තවත් තරඟයක් වර්ෂාව නිසා අතහැර දැමුවා. මේ නිසා රටවල් දෙකම කරට කර දක්ෂතා පෙන්වලා තියෙනවා.

කොහොම වුනත් මේ වෙද්දී එංගලන්තය ලෝකයේ අංක 1 කේ එක්දින කණ්ඩායම විදියට රැඳී ඉන්නවා. ලංකාවට හිමි වෙලා තියෙන්නේ 8 වන ස්ථානය. ඒ නිසා අද තරඟය ලංකාවට ලේසි වෙන්නේ නෑ. විශේෂයෙන්ම දෙරට අතර පැවතුන අවසන් තරඟ 5 න් 4 ක් ම ජයග්‍රහණය කරලා තියෙන්නේ එංගලන්තය.

ලංකාව අද සටනට යන්නේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන්. ඒ වගේම මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් අද තරඟයට ඇතුලත් වෙලා නෑ. හැබැයි එංගලන්ත පිතිකරුවන්ගේ භීතිකාවක් වුන ලසිත් මාලිංග අද තරඟයට ක්‍රීඩා කිරීම ලංකාවට ලොකු වාසියක්. දඟ පන්දුව බාර වෙලා තියෙන්නේ අකිල ධනංජයට.

එංගලන්ත කණ්ඩායමට ඉයන් මෝගන් නායකත්වය දෙනවා. ජෝයි රූට්, ජෝස් බට්ලර්, මොයින් අලී වගේ ප්‍රභල ක්‍රීඩකයන් එංගලන්ත කණ්ඩායමට ඇතුලත්.

අද තරඟයේදී කාසියේ වාසියත් ඉතාම වැදගත් වෙනවා. මොකද වැසි සහිත කාලගුණයක් තමයි දඹුල්ල අවට තියෙන්නේ. ඒ නිසා මුලින්ම පන්දුවට පහර දීමත් වැදගත්. ඒ වගේම වේගයෙන් ලකුණු රැස් කරන්නත් සිද්ධ වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post