News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

උතුරු කොරියාවෙන් පාප්වහන්සේට ඇරයුමක්.

454 Views


උතුරු කොරියාවෙන් පාප්වහන්සේට ඇරයුමක්.

කාලයක් ලෝකයෙන් කොන් කරලා තිබ්බ රටක් තමයි උතුරු කොරියාව. හැබැයි මේ වෙද්දී ලෝකයා එක්ක අත්වැල් බැඳගන්න උතුරු කොරියාව සමත් වෙලා තියෙනවා.

උතුරු කොරියාවේ නිල සංචාරයක් සදහා එන්න කියලා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්හට කිම් ජොංග් උන් ආරාධනා කරලා තියෙනවා. උතුරු කොරියාවේ සංචාරය කිරීමට ගිය අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයාට මේ දැනුම් දීම කරලා තියෙනවා.

ලබන සතියේදී වතිකානුවේ සිදුකිරීමට නියමිත සංචාරයේදී උතුරු කොරියානු නායකයාගේ ආරාධනාව නිල වශයෙන් පාප්වහන්සේට පිළිගන්වන බව දකුණු කොරියානු ජනපති සඳහන් කරා.

මීට කලින් දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේට උතුරු කොරියාවට එන්න කියලා උතුරු කොරියානු නායකයාගේ පියාවන කිම් ජොංග්-ඉල් ආරාධනා කරා. ඒ 2000 වසරේදී. හැබැයි මේ වෙනකන් කිසිම පාප්වහන්සේ කෙනෙක් උතුරු කොරියාවට ඇවිත් නෑ.


News Articles
Latest Videos
Most Popular Post