News Line| Off Air| Games
Generic placeholder image

Oct
10

ලෝකයේ පළවෙනි වතාවට සියදිවි නසාගන්න අයටත් ඇමැතිධූරයක්

760 Views


ලෝකයේ පළවෙනි වතාවට සියදිවි නසාගන්න අයටත් ඇමැතිධූරයක්

සියදිවි නසා ගැනීම් වලක්වා ගැනීමට ලෝකයෙ පළවෙනි වතාවට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍යධූරයක් ඇති කරන්න බ්‍රිතාන්‍ය කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම බ්‍රිතාන්‍යයේ හැම පාසලක්ම ආවරණය වන විදිහට ඉගෙනගන්න දරුවන්ගෙ මානසික සෞඛ්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන්න පියවර ගන්නවා කියලා බ්‍රිතාන්‍ය අගමැතිවරිය කියනවා.

ඒ වගේම පාසල් තුළ මානසික උපදේෂ තනතුරු වෙනුවෙන් 8000 ක පිරිසක් පුහුණු කිරීමේ වැඩසටහක් පවා මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. 2019 වසරේ ඒ උපදේශකවරුන් පාසල් වලට ඇතුලත් කිරීමට නියමිත බවයි අගමැතිවරිය කියා සිටියේ.

අවුරුදු 14 සම්පූර්ණ වුණ බොහෝ දරුවන් මොකක් හරි හේතුවකින් මානසිකව පීඩා විදින බවත් ඒ අයට නිවැරදි මානසික උපදේශන නොලැබුණොත් එයින් පීඩාවට පත් වෙලා සියදිවි නසාගන්න පෙලබෙන බව ඇය තවදුරටත් කියා සිටියා.

මේ වැඩපිලිවෙල තමන්ගෙ රටේ අනාගත දරුවන් බේරාගැනීමේ බලාපොරොත්තුවෙන් කරනවා කියලයි අගමැතිවරිය කියන්නෙ.

මේ වැඩසටහනට පවුම් බිලියන 1.9 ක් වියදම් කිරීමට ඇස්තමේන්තු කරලා තියෙන බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post