News Line| Off Air| Games
Generic placeholder image

Oct
11

අමීර් ඛාන්ගේ අලුත් පෙම්වතිය

939 Views


අමීර් ඛාන්ගේ අලුත් පෙම්වතිය

බොලිවුඩයෙ මේ අවුරුද්දෙ දීවාලි උත්සවය වෙනුවෙන් දැවැන්ත නිර්මාණයක් එළිදක්වන්න ලෑස්ති වෙනවා. ඒ ‘Thungs of Hindostan’ කියන චිත්‍රපටයයි. මේ චිත්‍රපටය මුහුදු කොල්ලකරුවන් මගින් නිර්මාණය වෙන චිත්‍රපටයක්. බොලිවුඩ් සිනමාව ඇතුළෙ මේ වගේ චිත්‍රපටියක් නිර්මාණය වෙන පළවෙනි අවස්ථාව මේක කියලා ආරංචි වෙනවා.

මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත විදිහට රංගනයේ යෙදෙන්නේ අමිතා භච්චන් , අමීර් ඛාන් , කත්‍රිනා කායිෆ් සහ ෆාතිමා සානා. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයට ෆාතිමා වෙනුවට තපස්සි පන්නු දායක වීමට නියමිත වුණත් ඒ චරිතය පන්නුව නොගැළපෙන නිසා ෆාතිමාව මේ චරිතයට තෝරා ගත්ත බව තමයි විදෙස් මාධ්‍ය වලින් ආරංචි වුණේ. ඒකට හේතුව අමිර් ඛාන්ගෙ අනියම් පෙම්වතිය ඇය කියලයි ආරංචි වෙන්නෙ. මේ චිත්‍රපටියට සුදුසුම චරිතය ෆාතිමා කියලා යෝජනා කරලා තියෙන්නෙත් අමිර් ඛාන්.

ෆාතිමා බෝලිවුඩ් සිනමාවට අලුත් කෙනෙක් නෙවෙයි. ඒත් ඇය චිත්‍රපට වලට දායක වී තියෙන්නෙ සීමිත ප්‍රමාණයකටයි. ෆාතිමා වඩාත් ජනප්‍රිය වුණේ 2016 තිරගත් වෙච්ච ‘දන්ගල් ‘ චිත්‍රපටයෙන්. ඇය වැඩියෙන්ම දායක වෙලා තියෙන්නෙ අතුරු චරිත වලට. ඒ නිසා ඇය එච්චර ප්‍රසිද්ධ නැහැ.

1997 වසරේ ‘ Ishq ‘ කියන චිත්‍රපටයටත් , එම වසරේම ‘ Chachi 420 ‘ කියන චිත්‍රපටයටත් 1998 වසරෙ ‘ Bade Dilwala ‘ කියන චිත්‍රපටයටත් ඇය සහභාගී වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post