News Line| Off Air
Generic placeholder image

Oct
13

මීගමුවේ බාලිකා පාසලක බෝම්බයක්?

930 Views


මීගමුවේ බාලිකා පාසලක බෝම්බයක්?

මීගමුව බාලිකා පාසලක් ඇතුළෙ බෝම්බයක් තියෙන බවට පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවා. මේ තොරතුර බොරු එකක් වගේම තොරතුර දීලා තියෙන්නෙ නිර්නාමික ඇමතුමකින් කියලා තමයි වාර්තා වෙන්නෙ.

පොලිසිය කියන්නෙ මේ නිර්නාමික ඇමතුම ගැන විශේෂ පරීක්ෂණ ආරම්භ කරලා තියෙන බවයි. මේ ඇමතුම මීගමුව බාලිකා පාසලේ විදුහල්පතිතුමියට තමයි දීලා තියෙන්නෙ. ඒ විනාඩි 20 ක් ඇතුළත සිසුවියන්ව ඉවත් කරගන්න කියලයි.

මේ සිද්ධිය හොයලා බලන්න යුධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය , ගුවන් හමුදාවල පොලිස් හා බුද්ධි අංශ නිලධාරීන් පාසලට ඇවිත් තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post