මේ දවස්වල ලෝක දේශපාලනයේ අලුත්ම මාතෘකාව තමයි අතුරුදහන් වුන සෞදි මාධ්‍යවේදියා. මේ ප්‍රශ්නය මේ වෙද්දී රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් දක්වා වැඩි වෙලා.
අතුරුදහන් වුන සවුදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් කගෝෂි අමෙරිකාවේ වොෂින්ටන් පොස්ට් පුවත් පතේ තීරු ලිපි රචකයෙක් වශයෙන් කටයුතු කරා. මේ නිසා ඔහුගේ අතුරුදහන් වීම ගැන විමසිල්ලෙන් ඉන්නවා කියලා ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් කියනවා.
” සවුදි අරාබිය කියනවා මෙම මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැහැයි කියලා. බලමු ඔහුගේ අතුරුදහන්වීමට හෝ ඝාතනයට ලක්ව ඇත්නම් ඒ සවුදි අරාබිය සම්බන්ධවී ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඒකාන්තයි” කියලයි ට්‍රම්ප් සවුදියට තර්ජනය කරේ.
ජමාල් කගෝෂිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් තුර්කි බලධාරීන් සදහන් කලේ සවුදි තානාපති කාර්යාලය තුලදී ඔහුව ඝාතනය කරලා කියලා. හැබැයි සවුදි අරාබිය දස අතේ දිව්රලා කියන්නේ ඔවුන් සම්බන්ධ නෑ කියලා. කොහොම වුනත් ජමාල් කගෝෂිගේ අතුරුදහන් වීම තව ලෝක ප්‍රශ්නයක් ඇති කරනවට කිසිම සැකයක් නෑ.
මේ අතර ජමාල් කගෝෂි අතුරුදහන්වූ අවස්ථාවේදී ඔහු සියඅතේ පැලඳ සිටි ඇපල් අයි ඔරලෝසුවේ ආධාරයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. විමර්ශනය සිදුකරනු ලබන බලධාරීන් සදහන් කරන්නේ ඇපල් අයි ඔරලෝසුව මගින් පටිගත කරන වීඩියෝ අදාළ පුද්ගලයාගේ iCloud ගිණුමට යැවෙනවා කියලා. සවුදි තානාපති කාර්යාලයේදී තමන්ට සිද්ධ වුන දේවල් ගැන ජමාල් කගෝෂි හෝඩුවාවක් තියලා ඇතිද කියලා පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.