News Line| Off Air
Generic placeholder image

Oct
16

ICC ය සනත් ජයසූරියට දින දෙයි.

622 Views


ICC ය සනත් ජයසූරියට දින දෙයි.

ලෝකයේ ක්‍රිකට් රටාව වෙනස් කළ පුද්ගලයා තමයි සනත් ජයසූරිය. ප්‍රවේගකාරී පිතිහරඹය ලෝකයට හඳුනවලා දුන්නේ ඔහු. ඒ නිසාම කවුරුත් සනත්ව හැඳින්නුවේ Master Blaster කියලා.

සනත් කාලයක් ලංකාවේ තේරීම් කමිටු සභාපති විදියටත් කටයුතු කරා. කොහොම වුනත් සනත්ට ICC යෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කරා කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය විසින් පවත්වනු ලබන විමර්ශනයන් සදහා සහය ලබා නොදීම, බාධා කිරීම සහ එම සිද්ධීන්ට අදාල ලේඛණ සඟවා තැබීම හෝ විනාශ කිරීම යන චෝදනා ඔහුට එල්ල වෙලා තියෙනවා.

කොහොම වුනත් ඒ ගැන උත්තර බඳින්න සඳුදා (ඔක්තෝබර් 15) ඉඳලා දවස් 14 ක් කල් දීලා තියෙනවා. ICC ය සිම්බාබ්වේ පිළේ ශ්‍රී ලංකා සංචාරය ගැන ලැබුණු පැමිණිලි මත තමයි ICC ය පරීක්ෂණ ආරම්භ කරේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ එවකට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය අවස්ථා කිහිපයකදීම ඔවුන් ප්‍රශ්න කිරීමකට ලක් කරා.

වසරකට අධික කාලයක් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. පසුගිය සතියේ කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ පුහුණුකරුවන් දෙදෙනෙක් ද ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක් වුණා.

සනත් ජයසූරියගේ ජංගම දුරකතනයක් පරීක්ෂණ සඳහා භාර දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ඉල්ලීම ඉටු නොකිරීම මේ චෝදනා තියෙනවා. තමන්ගේ පෞද්ගලික හේතුවක් මත ජංගම දුරකතනය භාර දීම කල්ගත වෙනවා කියලයි සනත් ICC යට දැනුම් දීලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post