News Line| Off Air
Generic placeholder image

Oct
16

”ගූගල්” සෞදි වර්ජනයක

758 Views


”ගූගල්” සෞදි වර්ජනයක

ඔක්තෝම්බර් 23 වෙනිදා සෞදි අරාබියෙ රියාද් අගනුවර තියෙන්නට තිබ්බ දවස් තුනක ව්‍යාපාරික සමුළුව වර්ජනය කරන්න ඇමරිකාවේ ගූගල් සමාගම තීරණය කරලා තියෙනවා.

තුර්කියේ සෞදි තානාපති කාර්යාලයේදි ඇමරිකානු වොෂින්ටන් වල මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ අතුරුදහන් වීම මුල් කරගෙන මේ තීරණය ගත්ත කියලා තමයි ගූගල් සමාගම කියන්නෙ.

ගූගල් සමාගමට අමතරව ඇමරිකාවේ තවත් ප්‍රසිද්ධ සමාගම් වෙන Uber, Viacom සහ Ford යන සමාගම්ද සෞදි අරාබියේ පැවැත්වෙන මේ ව්‍යාපාරික සමුළුව වර්ජනය කරන්න පියවර ගත්තා කියලා රොයිටර් පුවත් සේවය වාර්තා කරා.


News Articles
Latest Videos
Most Popular Post