News Line| Off Air
Generic placeholder image

Oct
16

Microsoft සමාගමේ සම නිර්මාතෘ මිය යයි.

1148 Views


Microsoft සමාගමේ සම නිර්මාතෘ මිය යයි.

Microsoft කියන්නේ ලෝකයේ දවන්තම සමාගම් වලින් එකක්. බිල් ගේට්ස් සහ පෝල් ඇලන් එකතු වෙලා තමයි සමාගම ගොඩ නගන්නේ. කොහොම වුනත් බිල්ගේට්ස්ගේ කුඩා කාලයේ ඉඳන්ම මිත්‍රයෙක් වුන පෝල් ඊයේ අභාවප්‍රාප්ත වුණා.

මිය යද්දී ඔහු 65 වන වියේ පසුවුණා. 2009 ඉඳන් පෝල් පිළිකාවකින් පීඩා වින්දා. බිල් ගේට්ස් සහ පෝල් ඇලන් එකතු වෙලා 1975 දී Microsoft සමාගම පිහිටුවනවා. 1983 වෙනකන් ඔහු Microsoft සමාගමේ විධායක උප සභාපති කටයුතු කරා.

“මගේ පැරණිතම සහ ආදරණිය රා පොල්;මිතුරා පෝල් ඇලන්ගේ අභාවය සිත්තැවුලට පත්වුණා.” කියලයි බිල්ගේට්ස් ඒ වගේම Google සමාගමේ විධායක නිලධාරී Sundar Pichai සහ ඇපල් සමාගමේ විධායක නිලධාරී Tim Cook පෝල්ගේ මරණය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post