News Line| Off Air
Generic placeholder image

Oct
16

පුහුණුකරු තරඟය පාවා දෙයි

1560 Views


පුහුණුකරු තරඟය පාවා දෙයි

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට තියෙන තරඟ පාවාදීමේ චෝදනාව ගැන විමර්ශන ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා අද (16) නිකුත් කරනවා.

පසුගිය දවස් වල කොළඹදි තිබුණ ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරඟයේදී සෞදියට එරෙහිව තරඟයක් පැවතුණා. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයින්ව විවේක ගන්වලා පසුපෙළ ක්‍රීඩකයන්ව ක්‍රීඩා කරවලා තියෙනවා. සිද්ධිය උඩට ආවේ ශ්‍රී ලංකා පිල මේ නිසා පරාජය වුණ නිසයි.

මේ නිසා අවසන් තරඟයට මුහුණ දෙන්න ශ්‍රී ලංකා පිළට බැරි වුණා. මේ තරඟය පාවා දීමේ චෝදනාව එල්ල වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු වෙන සර්බියානු ජාතික ඩීජාන් මහතාට.

මේ ගැන විමර්ශනය කරන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත් වූවා. මේ නිර්දේශ වලට අනුව මේ පුහුණුකරුව තවත් කණ්ඩායමේ පුහුණුකරු විදිහට තියාගන්නවද කියලා තීරණය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post