News Line| Off Air
Generic placeholder image

Oct
17

සෞදි මාධ්‍යවේදියා ඝාතනය කරපු හැටි තුර්කිය හෙළිකරයි. – Photo

1052 Views


සෞදි මාධ්‍යවේදියා ඝාතනය කරපු හැටි තුර්කිය හෙළිකරයි. – Photo

මේ දවස්වල තවත් ලෝක අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒ අතුරුදහන් වුන මාධ්‍යවේදී ජමාල් කෂෝගී නිසා. ජමාල් කෂෝගී තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යයාලය තුලදී ඝාතනයකරලා කියලයි තුර්කි විමර්ශන නිලධාරින් ප‍්‍රකාශ කරන්නේ. පසුව ඔහුගේ සිරුර කැබලි වලට කපා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

පැය 09ක කාලයක් ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යයාලය නිරීක්ෂණයට ලක් කරාට පස්සෙයි ඔවුන් මේ බව කියන්නේ. හැබැයි ජමාල් කෂෝගී ගේ සිරුරට මොකද වුණේ කියලා තුර්කි නිලධාරීන් මේ දක්වා කිසිම ප‍්‍රකාශයක් කරලා නෑ.

සිය තුර්කි ජාතික පෙම්වතිය සමග විවාහ වීමට අවශ්‍ය කරනු ලබන ලියවිලි ලබා ගන්න මාධ්‍යවේදී ජමාල් කෂෝගී සෞදි කොන්සල් කාර්යයාලයට පැමිණ තියෙන්නේ පසුගිය 02 වනදායි. නමුත් ඉන් ඔහු පිටව ගිය බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කිරීමට සෞදි බලධාරීන්ට පුළුවන් වෙලා නෑ.

තුර්කි ජනාධිපති එර්දොගාන් පවසන්නේ විමර්ශන නිලධාරින් සෞදි කොන්සල් කාර්යාල පරිශ‍්‍රය තුල විෂ සහිත ද්‍රවයන් තිබේද යන්න පිලිබදව සහ ගොඩනැගිල්ල තුල අළුතින් තීන්ත ආලේප කර ඇත්ද යන කරුණු පිලිබදව සොයා බලනවා කියලා.

තුර්කි නිලධාරීන් කොන්සල් කාර්යයාලය පරික්ෂා කිරීමට පෙර පිරිසිදු කිරීමේ කණ්ඩායමක් එම ගොඩනැගිල්ලෙන් පිටව යන අයුරු ක්‍භභ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඡායරූප ගත කර තිබෙනවා. ඔවුන් විශාල බෑග් මලූ පිටතට රැගෙන ගොස් ඇති අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් ද විමර්ශන කි‍්‍රයාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post