News Line| Off Air
Generic placeholder image

Oct
17

අගමැති ඉන්දියාවට යන්න හදද්දී ජනපතිගෙන් රෝ සංවිධානය ගැන හෙළිදරව්වක්.

486 Views


අගමැති ඉන්දියාවට යන්න හදද්දී ජනපතිගෙන් රෝ සංවිධානය ගැන හෙළිදරව්වක්.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට ඉන්දියාවේ නිල සංචාරයක් සදහා පිටත්ව යන්න නියමිතයි. අග‍්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්වි පාර්ශවික සාකච්ඡාවකටත් එක් වෙන්න නියමිතයි.

එමෙන්ම ඉන්දීය රජය සහ විපක්ෂයේ ඉහළ පෙලේ නායකයින් කිහිප දෙනෙකු සමග ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය ප‍්‍රකාශ කළේ. මෙම සාකච්ඡාවේදී දෙරටට වැදගත් වන සුවිශේෂී දේශපාලන කරුණු කිහිපයක් පිළිබදව අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම ලබන වසරේදී ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එමෙන්ම ශී‍්‍ර ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබදව ද දෙරටෙහි නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මෙම සංචාරය සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අමාත්‍ය සාගල රත්නායක මහතා ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මේ අතර තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහ දරා ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පැවති කැබිනට් මණ්ඩල රැස්විමේදි ප‍්‍රකාශ කර ඇති බව ඉන්දියාවේ ”ද හින්දු” පුවත්පතේ වෙබ් අඩවිය වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදි මහතා කිසිවක් නොදන්නා බවද ජනාධිපතිතුමා එම අවස්ථාවේදි පවසා ඇති බව ද එම වෙබ් අඩවියයේ සඳහන් වෙන්නේ. සියත ප‍්‍රවෘත්ති අංශයට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති කාර්යයාලයේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමේදී රෝ සංවිධානය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදු නොකළ බවයි.

කෙසේ වුවත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීම සදහා ඉදිරිපත් කර තිබූ කැබිනට් යෝජනාවට ජනාධිපතිතුමා විරෝධතාවය පළ කළ බව එම ප‍්‍රකාශකයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post