News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

විනෝදයට ගංජා ළඟ තියා ගන්න කැනඩාවෙන් අවසර.

654 Views


විනෝදයට ගංජා ළඟ තියා ගන්න කැනඩාවෙන් අවසර.

ගංජා එහෙම නැත්නම් කංසා කියන්නේ ලංකාවේ තහනම මත්දව්‍යක්. හැබැයි මේ වෙද්දී ලෝකයේ දියුණු රටවල් රැසක් ගංජා වලින් විවිධ නිෂ්පාදන පවා කරනවා. හැබැයි විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතය නම් තහනම්.

කොහොම වුනත් විනෝදාස්වාදය සදහා ගංජා ළග තබා ගැනීම සහ භාවිතය නීතිගත කරන්න කැනඩා රජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව උරුගුවේ රාජ්‍යයට පසු ගංජා නීතිගත කළ දෙවන රට බවටයි කැනඩාව පත්වෙන්නේ.

මේ අතර ඉදිරියේදී පාරිභෝගිකයින්ට ගංජා ලබා ගැනීම සදහා ඒවා විකිණීමට සුපිරි වෙළදසැල් රාතී‍්‍ර සමාජ ශාලා වලට අවසර ලබා දීමට පියවර ගෙන තිබෙනවා. කැනඩාවේ මෙම නව නීති සංශෝධනයත් සමග අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට තරුණ ප‍්‍රජාවගේ ඉහල ප‍්‍රසාදයක් පළව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post