News Line| Off Air
Generic placeholder image

Oct
17

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගෙන් තවත් පිම්මක්.

1644 Views


යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගෙන් තවත් පිම්මක්.

මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළල ලංකාවේ මලල ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරන තරඟාවලියක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉතිහාසයේ ලබා ගත්ත 3 වන ලෝක මට්ටමේ ජයග්‍රහණය දිනා ගන්න පාරමී සමත් වුණා.

ඒ වගේම තවත් ශ්‍රී ලංකා වාර්තාවක් අද අලුත් වුණා. සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසු, මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේ 3 වන හොඳම කාලය වාර්තා කිරීමටෂෙලින්ඩා ජැන්සන් සමත්ව තිබෙනවා.

ඒ අාර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීයි. මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ දෙවන මූලික වටයට එක් වූ ෂෙලින්ඩා ජැන්සන් තරගය නිම කළේ පළමුවැන්නා ලෙසයි. ඇය දැක් වූ දක්ෂතාව 24.07.

මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට එක් වූ ක්‍රීඩිකාවන් අතරින් කාළ ගණනයට අනුව ඇයට හිමිව ඇත්තේ ලොව 9 වැනි ස්ථානයයි. ඇය මෙම ඉසව්වේ වාර්තා කළ කාලය ඇයගේ ද පෞද්ගලික හොදම කාලය වනවා.

සුසන්තිකා ජයසිංහ – 23.18 – 1994 වර්ෂයේදී
දමයන්ති දර්ශා – 23.21 – 1994 වර්ෂයේදී
‍ෂෙලින්ඩා ජැන්සන් – 24.07 – 2018 වර්ෂයේදී

https://www.facebook.com/irosh.hettige/videos/1894883800580898/


News Articles
Latest Videos
Most Popular Post