News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

අඩු මිලට හයර් යන්න ත්‍රිවිල් වලට අලුත් ඉන්ධනයක්.

1143 Views


අඩු මිලට හයර් යන්න ත්‍රිවිල් වලට අලුත් ඉන්ධනයක්.

අයින්ස්ටයින්ටවත් හිතා ගන්න බැරි මිල සූත්‍රයක් තමයි ලංකාවේ ඉන්ධන මිලට තියෙන්නේ. වාහන තියෙන අය හැම මාසෙම 9 වෙනිදා ඉන්නේ ලොකු බයකින්. ඒ 10 වෙනිදාට ඉන්ධන මිල කියකින් ඉහළ යාවිද දන්නේ නැති නිසා.

මාසෙන් මාසෙට පෙට්‍රල් වැඩිවෙන කොට බස්ගාස්තු, ආහාර මිලත් ඒ සූත්‍රයේම එල්ලිලා ඉහළ යනවා. මෙච්චර කල් මිල වැඩි වුණේ නැත්තේ ත්‍රිවිල් ගාස්තුවල විතරයි. දැන් එකත් රුපියල් 10 කින් වැඩි වෙලා. මේ නිසා ත්‍රිවිල් වලට අලුත් ඉන්ධන වර්ගයක් හඳුන්වා දෙන්න ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ සූදානම් වෙනවා.

ඒ අනුව ඔක්ටේන් 87 හෝ ඊට අඩු ඔක්ටේන් අගයකින් මෙම ප්‍රෙටල් වර්ගය වෙළඳපොලට හඳුන්වා දෙන්න නියමිතයි. මෙම ඉන්ධන වර්ගය දැනට පවතින මිලට වඩා රුපියල් 08 ක් විතර අඩුයි. ඒ වගේම මෙම ඉන්ධන වලින් යතුරුපැදි ධාවනය කරන්න පුලුවන්ද කියලත් පරික්ෂා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post