ස්මාර්ට් ෆෝන් එකක් කියන්නෙ අද කාලෙ ඩයිරියකටත් වඩා ප්‍රයිවට් දේවල් පිරුණ තාක්ෂණික උපකරණයක්. අද ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඒත් මේ ස්මාර්ට් ෆෝන් එකක් හදිස්සියේවත් නැති වුණොත් මොකද වෙන්නෙ කියලා ඔයා කවදාවත් හිතුවද? ඒත් නැති වුණ ෆෝන් එකක් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා.
ස්මාර්ට් ෆෝන් එකක් හදිස්සියේවත් නැති වුණොත් කරන්න තියෙන ලේසිම දේ තමයි ගූගල් එකවුන්ට් එක හරහා රින්ග් කරන එක. හැබැයි ඒ වෙනකොට ඉන්ටර්නෙට් සම්බන්ධයක් නැත්නම් ඒකත් ප්‍රශ්නයක්.
Find me App එකෙන් මේ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙනවා. ඔයාට තියෙන්නෙ මේ ඇප් එකට ගිහින් පාස්වර්ඩ් එකක් සෙට් කරගන්න එක. ඇප් එකටම එන default Password එක තමා Password ඊට පස්සෙ ඔයා කමති ටෝන් එකක් සෙට් කරගන්න පුළුවන්.
ඊට පස්සෙ ඔයාගෙ නැති වුණ ෆෝන් එක නැති වුණොත් කරන්න තියෙන්නෙ වෙන ෆෝන් එකක් අරගෙන Password එක එස්.එම්.එස් කරන එකයි. ඊට පස්සෙ ඔයා කලින් සෙට් කරපු රිගින් ටෝන් එක උපරිම Volume එකෙන් රින්ග් වෙනවා.
ඒක නවත්තන්න නම් ඇප් එකට ලොග් වෙන්නම ඕනි. ප්ලේස්ටෝ එකට ගිහින් ෆයින්ඩ්මී කියන ඇප් එක ෆෝන් එකට දාගන්න විතරයි තියෙන්නෙ.