පහුගිය අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියානු පොලිසිය ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෙක් වන මොහොමඞ් කමීර් නිසාම්දීන් අත්අඩංගුවට ගත්තා ඔබට මතක ඇති. මෙම ශිෂ්‍යයා ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවටත්, ත‍්‍රස්ත ප‍්‍රහාර සැලසුම් කළ බවට තමයි චෝදනා කලේ.
සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමට අදාළ සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබී හමුවූ බවයි ඔස්ටේ‍්‍රලියානු පොලීසිය කිව්වේ. හැබැයි ඔහු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බව පිළිගන්න කිසිම සාක්ෂියක් ලැබුණේ නෑ. ඒ නිසා මොහොමඞ් කමීර් නිසාම්දීන්ට තිබ්බ සියලුම චෝදනා වලින් නිදහස් කරා.
තමන්ට කරපු බොරු චෝදනා කරාට ඕස්ට්‍රේලියානු පොලීසියට එරෙහිව නඩු දාන්න තීරණය කරලා තියෙනවා. 25වන වියේ පසුවන මෙම ශිෂ්‍යයා නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ කොන්ත‍්‍රාත් පදනමෙන් රැකියාවකද නිරත වෙනවා.