News Line| Off Air
Generic placeholder image

Oct
22

ඛෂෝගි ඝාතනයේ අලුත්ම කතාව

919 Views


ඛෂෝගි ඝාතනයේ අලුත්ම කතාව

තුර්කි කාර්යාලයට ඇතුළු වීමෙන් අනතුරුව සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක් වූ බව පිළිගෙන තිබෙනවා.

සෞදි අරාබිය පවසන ආකාරයට ජමාල්ගේ ඝාතනය තමන්ගෙ අතින් සිදු වුණ බරපතල වරදක්. සෞදි ඔටුන්න හිමි කුමරු ම සම්බන්ධව කිසිවක් නොදන්නවා කියලයි සෞදි විදේශ අමාත්‍ය ඇඩෙල් ජුබියර් අවධාරණය කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කලේ කෂෝගි ඝාතනය වූ අයුරු හෝ සිරුර තිබෙන ස්ථානයක් නොදන්නා බවයි.

මීට දින කිහිපයකට කළින් තමන්ගෙ බලධාරීන් අතින් ඔහු මිය ගිය බවට සෞදි රජය පිළිගත්තා.එහිදී ඇති වූ ගැටුමකින් ඔහු මිය ගිය බව වැඩිදුරටත් ඔවුන් පැවසුවා.

මේ වන විට සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර සැකකරුවන් 18 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තුර්කි බලධාරීන් සැක කරන්නේ සෞදි අරාබි කාර්යාලයේදී ඛෂෝගිව ඝාතනය කර නියෝජිතයින් ඔහුගේ සිරුර කොටස් වලට වෙන් කර ඇති බවයි. ඒ බව සඳහන් වෙන හඬ පටියක්ද තමන් සතු වෙන බව තුර්කිය සඳහන් කරා.ඛෂෝගිගේ පෙම්වතියට පැය 224 ම ආරක්ෂාව ලබාදීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post