News Line| Off Air
Generic placeholder image

Oct
22

තමන්ට අභියෝගයක් වූ ශෙලින්ඩාටත් සුසන්තිකාට බැන වදියි

4481 Views


තමන්ට අභියෝගයක් වූ ශෙලින්ඩාටත් සුසන්තිකාට බැන වදියි

සුසන්තිකා ජයසිංහ මව්බිමට අභිමානයක් ගෙන දුන් ක්‍රීඩිකාවක් කියන එකේ සැකයක් නෑ. ආසියාවේ කළු වෙළබ වුණ සුසන්තිකාට ලාංකික ජනතාවගෙන් ලැබුණෙ ලොකු ආදරයක්. ඒත් පහුගිය දවස් වල නම් සුසන්තිකා සම්බන්ධයෙන් ප්‍රචාරය වුණ කතා බස් නම් ඒ තරම් හොඳ නැහැ.

ලංකාවට තවත් කීර්තියක් ගෙන ආපු පාරමී සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයක් නිසා සුසන්තිකා විවිධ අයගේ චෝදනා වලට ලක් වුණා. සමහර අය කියන්නෙ සුසන්තිකා අනාගත ක්‍රීඩාව විනාශ කරනවා කියලයි.

වාර්තා වෙන විදිහට ක්‍රීඩික ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ක්‍රීඩාවට ඕනි කරන මුදල් ඉල්ලුවම ”අපෝ සර් තඹ සතයක් දෙන්න එපාඔය ළමයි දුවන්නෙ නෑ.ඔය ඉල්ලන්නෙ බොරුවට ” ලෙස කියා තියෙනවා කියලා වාර්තා වෙනවා. සුසන්තිකා ඒ විදිහට පහසුකම් ලබල දෙන්න ප්‍රතික්ෂේප කරපු ක්‍රීඩිකාවක් ආසියානු කුසලාන පදක්කමක් ගේන්න ආ විට තමන් යටතේ පුහුණු වෙන්න කියලා සුසන්තිකා බලපෑම්ද කරලා තියෙනවා.

සුසන්තිකාගේ මීටර් 200 ජාතික වාර්තාවට අභියෝගයක් වෙන්න පුළුවන් යොවුන් ක්‍රීඩිකාවක් මෙවර ඔලිම්පික් උළෙලෙන් මතු වෙලා තියෙනවා. ඒ ශෙලින්ඩා ජැන්සන්. ශෙලින්ඩාගේ වාර්තාව 24:07:17 ක්.1992 දී සුසන්තිකාගේ වාර්තාව 25.67 ක්. සුසන්තිකා ගුවන් තොටුපලේදී ශෙලින්ඩාට බාල්දියක් දැම්ම බවට වාර්තා වෙනවා.

යාපනයේ තිබුණ මළල ක්‍රීඩා උළෙලකදී මීටර් 800 ඉසව්වට සහභාගී වූ නිමාලි ලියනාරච්චි ඒ ඉසව්වේ අවුරුදු 24 ක් පරණ ධම්මිකා මැණිකේගේ වාර්තාව බිඳ දමලා තියෙනවා. එවිට හිටපු ක්‍රීඩිකාවන් වෙන ධම්මිකා මැණිකේ සහ සුසන්තිකා ජයසිංහ , නිමාලි ලියනාරච්චි වාර්තාව ලබා නොදී විරෝධය දක්වන්නට තරම් කුහක වෙලා තියෙනවා. අන්තිමේදී ධම්මිකා මැණිකේ නිමාලිට එරෙහිව මානව හිමිකම් යන තරම් කුහක වෙලා තියෙනවා.

සුසන්තිකාගේ තර්කය වෙලා තියෙන්නෙ නිමාලිගේ කාලය මැන්නේ ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතයෙන් නොවන බවයි. ඒත් ඉලෙක්ට්‍රෝනික කාලය මැනීමේ යන්ත්‍රයක් ගෙන්වා ගැනීමට අමාත්‍යවරයාට උපදෙස් දීමටත් ඇයට බැරි වෙලා තියෙනවා.

මේ කුහකකම් මැද්දෙ ගයන්තිකා හා නිමාලි නැවතත් දියගමදී විද්‍යුත් කාලයකට 800 වාර්තාව අලුත් කරා. ධම්මිකාටත් සුසන්තිකාටත් කරබාගෙන ඉන්න සිදු වෙලා තියෙනවා මේ නිසා.

සුසන්තිකා දක්ෂ ක්‍රීඩිකාවක් වුණත් දුර්වල නිළධාරිනියක්. බලධාරීන්ගේ අවධානය මේ සඳහා අනිවාර්යෙන්ම යොමු විය යුතුයි.


News Articles
Latest Videos
Most Popular Post