ebay ක‍්‍රමවේදය හරහා විදේශයන් හී සිටින පාරිභෝගිකයින් සඳහා භාණ්ඩ අපනයනය කිරීමට ශ‍්‍රී ලංකික ව්‍යාපාරිකයින්ට අවස්ථාව හිමිවී තිබෙනවා
මෙතෙක් කලක් මෙම ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදය හරහා ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ඍජුවම භාණ්ඩ ශ‍්‍රී ලංකාව වෙත ආනයනය කිරීමේ හැකියාව පැවතුනද භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාවක් පැවතුනේ නැහැ
මෙම නව ක‍්‍රමවේදය හරහා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව ව්‍යාපාරිකයින් සඳහා භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව පවතින බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය අංශය සඳහන් කලේ
එම අමාත්‍යාංශය නිකුත් කල විශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් වන්නේ උපරිමය ඇමරිකානු ඩොලර් 3000ක් වන පරිදි මෙම ක‍්‍රමය හරහා ගනුදෙනු කිරීමට හැකියාව පවතින බවයි
ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ඕනෑම ආයතනයකට හෝ ව්‍යාපාරයකට හා අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට මෙම ක‍්‍රමවේදය හරහා භාණ්ඩ අපනයනය කල හැකිවනවා.