නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ වැලිලොරියක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියක් මත සේවය අත්හිටුවා සිටියදී පොලිස්පතිගේ නියමයෙන් යළි සේවයේ පිහිට වූ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධනට තවත් නඩුවකට පෙනී සිටින්න සිද්දවෙලා.
ඒ 1996 වසරේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිංහල මුස්ලිම් දෙපිරිසක් අතර ඇතිවූ ජාතිවාදී කෝලහාලයකදී පුද්ගලයින් හතරදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් නඩුවකුයි. මේ නඩුව 23 වනදා කළුතර මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් සැරයන්වරයා,
1996 වර්ෂයේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිංහල මුස්ලිම් දෙපිරිසක් අතර ජාතිවාදී කෝලහාලයක් ඇති වෙලා. සිංහල අයත් මුස්ලිම් අයත් එකිනෙකාගේ ව්‍යාපාර ගිනි තබා විනාශ කරන්නට වුණා. සමහරු පෙට්රල් බෝම්බ පවා ගැසුවා. මේ අවස්ථාවේදී පොලිසියේ වගකිවයුතු ජේයෂ්ඨ නිලධාරියකු අපට නියෝග කළා, ජාතිවාදී ගින්දර නිවන්නට අපිට බලය පාවිච්චි කරන්නට කියා. මේ අවස්ථාවේදී 4 දෙනකු මියගියා.
මේ නඩුව එදා ඉඳලා තවමත් අවසන් නැහැ. මම කොටි හිර ගෙදරින් නික්ම ඇවිත් මේ ජාතිවාදී අරගලය නිසා එදත් හිරේ වැටුණා. පසුගිය 3දාත් වැලි ලොරියක් අත්අඩංගුවට ගෙන නිසි ලෙස රාජකාරි කිරීම නිසා හිරේ හිටියා.
වෙට්ටුමකඩ සිද්ධියට පෞද්ගලිකව අතින් වියදම් කරලා තවමත් නඩු කියනවා. නඩු වාරයකට කොහොමත් රුපියල් 20,000ක් විතර වැය වෙනවා. මේ මුදල් වැය වන්නේ පෞද්ගලික දියුණුවට හෝ පෞද්ගලිකව ගත්තු තීරණයක් නිසා නොවේ. මේ 23දා මම ඇතුළු නිලධාරීන් 7 දෙනකු නඩුවට පෙනී සිටිනවා.