මාධ්‍යවේදී ජමාල් ඝාතනය කිරීමට තුර්කියට පැමිණි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ ආරක්ෂකයකු යැයි කියන මහීර් අබ්දුල්ලාසීස් මුට්‍රිබ් ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් රැගෙන ගොස් ඇති බවට සැකයක් ඇතැයි තුර්කි නිලධාරිහු පවසනවා.
ජමාල් කෂොක්ජි ඝාතනය කළ දිනයේ තුර්කියට පැමිණි සෞදි ජාතිකයන් 15 දෙනා කෂොක්ජිගේ සිරුරේ කොටස් බෑග්වල දමාගෙන රැගෙන ගොස් ඇති බවට සැකයක් පවතිනවා කියලා තුර්කි බලධාරීන් කියනවා.
හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ සෞදි බුද්ධි අංශ නිලධාරියකු බව පැවසෙන මහීර් අබ්දුල්ලාසීස් මුට්‍රිබ් 15 දෙනාගේ කණ්ඩායමේ නායකයා බවත් ඔහු සෞදි ඝාතක කල්ලියේ ‘කොඳු නාරටිය’ බවත් ඬේලිමේල් වෙබ් අඩවිය පළ කළ වෙනත් පුවතක සඳහන් වී තිබෙනවා. ඔහු ජමාල් කෂොක්ජි ඝාතනය කළ දිනයේදී පෞද්ගලික ජෙට් යානයකින් තුර්කියට පැමිණි බවත් ඔහු එදිනම තුර්කියෙන් පිටව ගිය බවත් පවසනවා.
මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය වූ බව මේ වනවිට සනාථ වී තිබෙනවා.