News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

” පාරමී ඉපදෙන්නෙත් අභියෝග ගොඩක් ජය අරගෙන ” පාරමී ගැන නොදන්න තවත් කතාවක් කියපු පාරමීගේ අම්මා.

841 Views


” පාරමී ඉපදෙන්නෙත් අභියෝග ගොඩක් ජය අරගෙන ” පාරමී ගැන නොදන්න තවත් කතාවක් කියපු පාරමීගේ අම්මා.

පාරමී වසන්ති මාරිස්ටෙලා කියන්නේ පසුගිය කාලය තුල බොහෝ දෙනාගේ ඇගයීමට සහ කතාබහටලක් උන චරිතයක්. ඒ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදි ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පදක්කමක් හිමි කර දීම නිසා. මේ අතරෙ පාරමී ගැන ඔබ නොදන්න තවත් කතාවක් අපිට ආරංචි වුණා.

පාරමී මෙළොව එළිය දුටු ආකාරය ගැන පාරමීගේ අම්මා රීටා මාග්‍රට් සිල්වා කියපු කතාවක් මේ විදියට අද සමාජජාල මාධ්‍යය වාර්තාකරලා තිබුණා.

‘‘ පාරමී දුව හම්බවෙන්න ඉන්න කාලයේ මට ඇති වී තිබූ හදවත් රෝගී තත්වයක් නිසා සිදුකළ පරීක්ෂණයකට ඩයි වර්ගයක් සිරුරට ඇතුළු කරා. මේ ඩයි එක නිසා දරු ගැබට බලපෑම් ඇතිවී දරුවා ආබාධිත වෙන්න පුළුවන් කියලා දොස්තර මහත්තුරු කිවුවා. දරු ගැබ විනාශ කිරීමට මගෙන් කැමැත්ත ඉල්ලුවා. ඒත් මම කොහොමවත් කැමැත්ත දුන්නෙ නෑ.

ආබාධිත වුනාට කමක් නෑ මම කොහොම හරි දරුවව හදා ගන්නම් කියමින් එදා වෛද්‍යවරු ගෙන ආ යෝජනාව මම ප්‍රතික්ෂේප කරා. එදා දොස්තර මහත්තුරුන්ගේ කීමට එකඟවුනානම් අද පාරමී කෙනෙක් නැහැ. ඒ වගේම අපේ රටට මේ වගේ ජාත්‍යන්තර තරඟ වලින් ජයග්‍රහණ අරගෙන දෙන්න මලළ ක්‍රීඩිකාවකුත් නැහැ. එදා මම ඒ වගේ තීරණයක් නොගත්ත නිසා ඒක අපිට විතරක් නෙවෙයි රටටම වාසනාවක් වුනා. මගේ හදවතේ එක් නහරයක අවහිරතාවයක් තියෙනවා කියලා දැනගත්තෙ පාරමී දුව කුසට ආවට පස්සෙ. වරින් වර මගේ නහයෙන් කටින් ලේ එන්න පටන් ගත්තා. මේ නිසා මම හොඳටම දුර්වල වුනා. ටික දවසක් යද්දි මට තනියම ඇවිද ගන්න පවා බැරිව ගියා. මහත්තයාගේ සහ මගේ නංගී වසන්තිගේ වාරුවෙන් තමා ඇවිද්දෙ.මට ලැබෙන්න ඉන්න දරුවගේ ජීවිතේ තියෙන්නෙ හොඳටම අවධානම් මට්ටමක කියලා වෛද්‍යවරුන්ගේ කතාබහෙන් මට වැටහුනා‘‘


News Articles
Latest Videos
Most Popular Post