ලෝකයේ ජීවත්වන ජනගහණයෙන් අඩකම දෛනික ආදායම ඩොලර් 5.5ට අඩුයි කියලා ලෝක බැංකුව සඳහන් කරනවා. ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලෝක ජනගහණයෙන් හරි අඩකටම තවමත් සිය මූලික අවශ්‍යතා සපුරගන්න බෑ කියලා.ලෝකයේ අන්ත දුගී බවෙන් පෙලෙන ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.90ක් බවත් 2030 වන විට එම දුගී භාවය අවසන් කිරීමට කටයුතු කරන බවත් ලෝක බැංකුව පවසනවා.2015 වසරේදී අන්ත දුගී භාවයෙන් පෙළෙන ජනතාවගේ සංඛ්‍යාව 10%කින් අඩුව ඇති බවත් ලෝක බැංකුව තවදුරටත් පෙන්වා දෙනවා.
ලෝක ජනගහණයෙන් බිලියන 1.9කගේම දෛනික ආදායම ඩොලර් 3.20 අඩු අතර එය ප්‍රතිශතකයක් ලෙස ගත්විට 26.2ක්. ඒ වගේම ලෝක ජනගහණයෙන් 46%කගේම දෛනික ආදායම ඩොලර් 5.50කට වඩා අඩුයි.එමෙන්ම 1990 සිට 2015 දක්වා දකුණු ආසියාවේ අන්ත දුගි භාවය 35%කින් අඩුවී තිබෙනවා. එසේම ඩොලර් 3.2ක දෛනික ආදායමක් ලබන ජනතාවගේ සංඛ්‍යාව 8%කින් අඩුවී තිබුණත් දකුණු ආසියාවේ ජනතාවගෙන් 80%කම දෛනික ආදායම ඩොලර් 5.50ට වඩා අඩුවෙනවා.