News Line| Off Air
Generic placeholder image

Oct
25

DJ Bravo සමුගැනීමට තීරණය කරයි

1397 Views


DJ Bravo සමුගැනීමට තීරණය කරයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඩ්වෙයින් බ‍්‍රාවෝ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් තමන් තවදුරටත් පන්දුවාර 20 ලීග් ක‍්‍රිකට් තරග සඳහා සහභාගී වන බවයි ඔහු ප‍්‍රකාශ කළේ. විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් අවස්ථා දෙකෙහිදීම ඞ්වෙයින් බ‍්‍රාවෝ කෙදෙව් කණ්ඩායම නියෝජනය කළා.

2004 වසරේ ක‍්‍රිකට් වරම් දිනාගත් ඞ්වෙයින් බ‍්‍රාවෝ අවසන් වරට කොදෙව් කණ්ඩායම නියෝජනය කළේ 2016 වසරේදීයි. කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇතිකර ගත් අර්බුදයක් හේතුවෙන් බ‍්‍රාවෝ ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් රැසක් වසර ගණනාවක්ම ජාතික කණ්ඩායම නියෝජනය කළේ නැහැ. මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන ඩ්වෙයින් බ‍්‍රාවෝ පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නාද වනවා.


News Articles
Latest Videos
Most Popular Post