News Line| Off Air
Generic placeholder image

Oct
27

සිසුවියකට ලේ වමනෙ යන්න පහර දුන් විදුහල්පති

753 Views


සිසුවියකට ලේ වමනෙ යන්න පහර දුන් විදුහල්පති

මහියංගනය දම්බරාව මධ්‍ය විද්‍යාලයේ 9 වසරේ සිසුවියකට පසුගිය 22 දා විදුහල්පතිවරයා පහර දී තිබෙනවා. ඇස අසල ඇති වූ තුවාලයක් හේතුවෙන් සිසුවිය රෝහල් නතර වී ඇති අතර ඇයට රෝහල තුළ දී අවස්ථා කිහිපයකදීම ” ලේ වමනය” ගොස් තිබෙන බව දෙමව්පියෝ පවසනවා.

පාසලේ බාහිර ක්‍රියාකාරකමක් සඳහා සහභාගී නොවූ හේතුව මත එම විදුහල්පති වන ටී.බී.සමරකෝන් නැමැත්තා මෙම සිසුවියට ගිනිසීරියා පොල්ලකින් පහරදී තිබෙනවා.

දැරිය තුවාල ලැබීමෙන් පසුව ඇයගේ සොහොයුරිය සමග ඇයව නිවසට ගෙන්වා ඇති අතර බෙහෙත් ලබා ගන්න කියා රුපියල් 5000 ක් ලබා දෙන විට දරියගේ පියා එය ප්‍රතික්ෂේප කර ඇත. ”ඉස්කෝලෙට වරදක් වෙන්න ඉඩ තියන්න එපා” ලෙසද එහිදී පැමිණි ගුරුවරයෙක් දරියගේ පවුලේ අයට පවසා තිබේ.

ඒ නිසා දරුවාට පාසලෙන් නොසැලකිල්ලක් ඇතිවේ යැයි බිය වී දරුවාගේ දෙමව්පියන් දරියව රෝහලට ඇතුලත් කර ඇත්තේ බොරුවක් පවසාය. පසුව සිද්ධිය ඇසින් දුටු දරුවෙකුගේ දෙමව්පියන්ගේ මාර්ගයෙන් මේ බව පාසල් සංවර්ධන කමිටුවට පවසා ඇත. පසුව ඔවුන් හරහා පොලිසිය දනුවත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම කට උත්තර ගත් බව මහියංගන පොලිසිය පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post