News Line| Off Air
Generic placeholder image

Oct
27

මම තනිකඬ වෙයි – ශෙහානි කහඳවල

649 Views


මම තනිකඬ වෙයි – ශෙහානි කහඳවල

ෂෙහානි අනෙක් රංගන ශිල්පිණියන් වගේ විශේෂ තැන්වල වැඩිය පේන්න නැත්තේ ඇයි?

මම සාමාන්‍යයෙන් වැඩිපුර එළියට බහින්න කැමැති කෙනෙක් නම් නෙවෙයි. මම තැනකට ගියත් ‘ඔන්න මම ආවා’ කියලා පේන්න ඉඳලා එනවා. ඒ තැන්වල පැය ගණන් ඉඳගෙන කතා හදාගෙන දඟලගෙන ප්‍රතිරූපය නැති කරගන්න කෙනෙක් නම් නෙවෙයි මම.

ඒ කියන්නේ ෂෙහානි ගොසිප්වලින් ගැලවෙන්නද ඒ තරම් පරිස්සම් වෙන්නේ ?

ඒක නිසාම නෙවෙයි. මම මගේ ප්‍රතිරූපයට ගොඩක් ආදරෙයි. ඒකට හානියක් කරගන්න මම පොඩ්ඩක්වත් කැමැති නැහැ. මගේ ප්‍රතිරූපයට කවුරුවත් හානි කරනවාටවත් මම කැමැති නැහැ.

අලුත් වැඩවලට එහෙම ආරාධනා ලැබුණාද?

එක නාට්‍යයක් සාකච්ඡා මට්ටමෙන් තියෙනවා. මම වැඩ ගොඩක හිරවෙන්න පොඩ්ඩක්වත් කැමැති නැහැ. නිදහසේ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

ෂෙහානිට වැඩ ගොඩක් ලැබෙනවා කිව්වට සිනමාවේ නම් තාමත් ෂෙහානිව දකින්න ලැබුණේ නැහැ නේද?

සිනමා නිර්මාණයකට ආරාධනාවක් නම් ලැබුණා. ඒක මගේ පළමුවැනි නිර්මාණය නිසා ඒ ගැන ටිකක් සලකා බලන්න ඕන. ගැළපෙන දෙයක් නම් තමයි මම ඒකත් භාරගන්නේ.

ගොඩක් අය නැති අවස්ථා ගන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා. සිනමාවෙන් මූණ පෙන්නගන්න ෂෙහානි ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්නේ නැද්ද?

මම කිසිදෙයක් බලෙන් ඉල්ලගෙන යන්නේ නැහැ. මගේ වාසනාවට හෝ මගේ දක්‍ෂතාව දැකලා හරි කෙනෙක් මාව නිර්මාණයකට ගත්තොත් මිසක් හැඳුනුම්කම්වලින් බලෙන් හොයාගෙන ගිහින් මම අවස්ථා ගන්න කෙනෙක් නෙවෙයි.

ෂෙහානි දැන් ජීවිතයට විශේෂ කෙනෙකුත් තෝරාගන ඇති?

අනේ නෑ. තාම එහෙම කෙනෙක් තෝරාගෙන නැහැ.

නිළියක් නිසා ආදර යෝජනා නම් අඩු නැතුව ඇති?

ඇත්තටම මට ඒ වගේ කරදර නම් නැහැ. මම වැඩිය එළියට බහින්නේ නැති නිසා මට පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්. මම රෑට පාටි ගිහින් කට්ටිය හම්බවෙන කෙනෙකුත් නෙවෙයිනෙ. ඒ නිසා මට වධ දීගෙන කොල්ලෝ එන්නෙ නැහැ.

ෂෙහානිට යාළුවෝ අඩුයි කියන්නේ ඇත්තද?

ඔව්, මට විශේෂ යාළුවෙක්වත් නෑ. මට ඉන්නේ මගේ අම්මා. මට තනියෙන් ඉඳලා හොදට හුරුයි. යාළුවො ජීවිතයට ඕන. එයාලා වුණත් අපේ ජීවිතවල ඉන්නේ එක අවස්ථාවක විතරයි. මම ගොඩක් සංවේදියි. මාත් එක්ක ඉන්න අය මම කියන හැමදේම අහගෙන ඉන්න ඕන. මම යාළුවෝ වුණත් අශ්‍රය කරන්නේ අතේ දුරින්. ඒක මට හොඳයි.

ෂෙහානිගේ ජීවිතයට විශේෂ කෙනෙක් හොයාගන්න කියලා අම්මා බල කරන්නේ නැද්ද?

අම්මෝ… අම්මා මට ගොඩක් වධ දෙනවා. දැන් කෙනෙක් හොයාගන්න කියලා. තාම මට අවුරුදු 23යි. දැන් කෙනෙක්ව හොයාගෙන අවුරුදු 25දී බඳින්න කියලා තමයි කියන්නේ. ඒත් මට හිතෙනවා මෙහෙම අම්මාත් එක්ක දුක සැප බෙදාගෙන ඉන්න එක හොඳයි කියලා.

තනිකඩව ඉන්නද අදහස?

සමහර විට මම තනිකඩව ඉඳියි. ඒත් කියන්න බෑ.


News Articles
Latest Videos
Most Popular Post