වාර්තා වන බලහත්කාරී මැදිහත් වීම නිසා රට තුළ සාමය බිඳ වැටී අන්තර්ජාතිකව ඇතිවන බරපතල හානිය පැහැදිලි කරමින් කතානායක කරූ ජයසූරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ ලිපියක් අද යොමුකොට තිබෙනවා.
පාර්ලිමේන්තුව තුළින් බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වරප්‍රසාද ආරක්ශා කර දෙන ලෙස එජාපයෙන් සිදු කළ ඉල්ලීම සහිත පිටපතක්ද එහි අමුණා ඇති බවට වාර්තා වනවා.
මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා දින 20 ක් අක්‍රීයව පැවතීම තුළින් රටට දැඩි අහිතකර වාතාවරණයක් උද්ගත වීමට ඉඩ නොතබන ලෙසටද කතානායක වරයා ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.