නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කෙරෙණු පසුගිය සිකුරාදා (26) එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා නව අග්‍රාමාත්‍යවරයා සමගින් අත්වැල් බැඳගත්තා.
එමෙන්ම ඒ මහතා ප්‍රකාශ කළේ එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ නව අග්‍රාමාත්‍යවරයා සමගින් එක් වන බවයි. එය තව තවත් පසක් කරමීන් තමන්ද මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වන බව අද උදෑසන බදුල්ල එජාප මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ප්‍රකාශ කරා. කෙසේ වෙතත් පැතිරෙන කටකතා සත්‍ය නොවන බවත් එජාපයේ කිසිවෙකු නව අග්‍රාමාත්‍යතුමා සමග එක් නොවන බවත් සියත වෙත අදහස් දක්වමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
16 වනදා පාර්ලිමේන්තුවේදී මත විමසීමක් සිදු කළහොත් එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහය පළ කරන බවට අද උදෑසන අරලිය ගහ මන්දිරයේදී පැවැත් වුණ රැස්වීමක්දී එජාප මන්ත්‍රීවරුන් දිවුරුම් ප්‍රකාශකටද අත්සන් තබා තිබුණා.