News Line| Off Air
Generic placeholder image

Oct
30

ලංකාවෙ කටයුතු වලට මැදිහත් වෙන්නෙ නෑ – චීනය කියයි

398 Views


ලංකාවෙ කටයුතු වලට මැදිහත් වෙන්නෙ නෑ – චීනය කියයි

ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතු වලට මැදිහත් නොවන බව චීනය පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ලූ කන්ග් මේ බව සදහන් කලේ සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ඔහු එහිදී කියා සිටියා. චීනය සහ ශ‍්‍රී ලංකාව මිත‍්‍රශීලි අසල්වැසියන් ලෙස ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සමීපව බලා සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයා සදහන් කලා.

නමුත් චීනය සෑම විටම අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය අනුගමනය කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.  ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය එරට අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් බැවින් එය ඔවුන්ට විසදාගත හැකි බව චීනය පවසනවා.

මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සදහන් කලේ මානව හිමිකම් – ශ‍්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයේ ගොදුරක් නොවිය යුතු බවයි
ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ගෝලීය මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මිනාර් පිම්ප්ලේ මහතා මේ බව සදහන් කලා.

මේ මොහොතේ දී බලධාරීන් විසින් පුද්ගල අයිතීන් වලට සහ නිදහසට ගරු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට, සාමකාමී ලෙස රැස්වීමට සහ සංවිධානය වීමට ඉඩ ඉඩ ලබා දිය යුතු බව ද ක්ෂමා සංවිධානය සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post