දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථා මුලස්ථාන පරිශ‍්‍රයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කලේ සංස්ථා මුලස්ථාන පරිශ‍්‍රයේ ඇති cctv දර්ශන පරීක්ෂා කිරීම ද සිදුකරන බවයි
සිද්ධිය සම්භන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ඛණිජ තෙල් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා ඊයේ ඇප මත මුදා හැරියා.
ඒ ඔහු කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි. පසුගිය 28 වනදා පස්වරුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවය අතරතුරදී අර්ජුණ රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීයෙකු සිදුකල වෙඩි තැබීමකින් පුදුගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කලේ 28 වනදා රාත‍්‍රියේ දීයි. මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වුනා .
කෙසේ වෙතත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හිටුවීමට වෘත්තීය සමිති පියවර ගත්තේ හිටපු අමාත්‍යරවයා අත්අඩංගුවට ගැනීමත් සමගයි. ඉන් අනතුරුව බණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවකට ද එක් වුණා.