News Line| Off Air
Generic placeholder image

Oct
30

ඇමතිකම් වෙනුවෙන් රනිල් හැරගිය එජාප මන්ත්‍රීවරුන් මෙන්න

3620 Views


ඇමතිකම් වෙනුවෙන් රනිල් හැරගිය එජාප මන්ත්‍රීවරුන් මෙන්න

අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීමට අදාලව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය පල කරන බව පැවසුවත් අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා නැවත රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරන බවට ඊයේ සවස අරලියගහ මන්දිරයේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරනු ඇතැයි සිතූ සියල්ලන්වම පුදුම කරමින් ඊයේ රාත්‍රියේ ඔවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයාට සහය පල කරමින් නව රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු ලෙස දිව්රුම් දුන්නා.

ඒ සමගම ඒජාප ය නියෝජනය කල විජේදාස රාජපක්ෂ මහතාද නව රජයේ අමාත්‍යවරයෙකු ලෙස දිව්රුම් දුන්නේ ඊයේ දිනදීමයි. ඒ අනුව ඉදිරියේදීත් ඒ ජා ප ය නියෝජනය කරන මන්ත්‍රී වරුන් කීපදෙනෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීම සදහා එක්වීමට නියමිත බව වාර්ථාවනවා.


News Articles
Latest Videos
Most Popular Post