News Line| Off Air
Generic placeholder image

Oct
30

ලක්ෂ දහයේ කප්පමට මොකද වුණේ?

991 Views


ලක්ෂ දහයේ කප්පමට මොකද වුණේ?

මරණීය තර්ජන එල්ල කරමින් ව්‍යාපාරිකයෙකු බියවද්දා කප්පම් මුදල් ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු වරකාපොල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිීසිය පැවසුවේ කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තමන් සංවිධානාත්මක අපරාධකරුවන් බව සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයාට පවසා තිබුණා. රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා නොදුනහොත් ව්‍යාපාරිකයාගේ බිරිද සහ දරුවන් ඝාතනය කරන බවටයි තර්ජනය කර ඇත්තේ.

ඒ පිළිබදව ලද පැමිණිල්ලකට අනුව සිදු කල විමර්ශනයේ දී 27 හැවිරිදි සහ 40 හැවිරිදි වියේ පසු වු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මීරිගම සහ කෑගල්ල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post