News Line| Off Air
Generic placeholder image

Nov
1

ඔබේ ලග්නයට අද කොහොමද…? මෙන්න විස්තරය | ඉසිවර සියත

533 Views


ඔබේ ලග්නයට අද කොහොමද…? මෙන්න විස්තරය | ඉසිවර සියත

අද 2018 නොවැම්බර්  මස 01 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 01.23 සිට දහවල් 02.52 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 01.25 සිට අලුයම 02.56 දක්වා
සුභ දිශා – උතුර/ නැගෙනහිර
මේෂ ලග්නය
අද දවසම ඔබට සුබ දවසක් . ශරීර සෞඛ්‍ය අතින්ද යහපත් දිනයකි. දෙමව්පියන් ගැන අඹු දරුවන් ගැන ඉතාම අවධානය යොමු කළ යුතු දවසක්. පවුලේ ය සමඟ අඬ දබර තිබුනානම් ඒවා නැති වෙන දිනයකි. අදායම් තත්ත්ව වර්ධනය වේ. නිසි තීරණ ගැනීමටද වග බලගතු යුතු දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණ රතු පැහැය සහ ලා රෝස                                             ජය අංකය 04
වෘෂභ ලග්නය
අද ඔබගේ ස්වභාවය දැකීම ඉතා පියකරු තත්වයකට පත් වෙනවා. බුද්ධිමත් බාවය ඉතා සුබයි.  අත් ගුණය අත් වාසිය තිබෙන දවසක්.  ඔබ සිල්වත්  කෙනෙක්නම් ආගමනුකුල කෙනෙක්නම් ඔබේ ඉෂ්ට දේවතාගෙන් අසීමිත උදව් ගන්න පුළුවන් දවසක්.
.
ජය වර්ණය තැඹිලි   පැහැය                                                            ජය අංකය 03
මිථුන ලග්නය
රුපශ්‍රියාව, ලේඛන ශක්තිය, වෘත්තීය හැකියාව,  ඒ වගේම යමක්  ඉගෙන ගැනීම ඉගෙන ගත්ත දේ අන් අයට කියාදීම ශක්තියක් භාග්‍යයක් ඔබට  හිමි වෙන දවසක්. ශරීර ශක්තියට වඩා චින්තන ශක්තිය ඉහලින් තිබෙන දවසක්. නිරෝගී භාවයද ඉහලින් තිබෙන දිනයක්.
ජය වර්ණය  ලා කොළ  පැහැය                                                         ජය අංකය 03
කටක ලග්නය
නිවෙසට අවශ්‍ය සියලුම දේ ලැබෙන දවසක්. බිම් සැලැස්මක් වෙනස් කිරීමට අවශ්‍යනම් එයට අද ඉතා සුබයි. එම වෙනස් කිරීම තුලින් ඔබට මනා පෙනුමක් ලබාගන්න පුළුවන්. දැව දේපල හිමි කරගන්න පුළුවන් වාසනාවන්ත දිනයක්.
ජය වර්ණය සුදු පැහැය පැහැය                                                 ජය අංකය 01
සිංහ ලග්නය
වාසනාවන්ත දිනයක්. ඔබට තැනකට ගොස් මනාව හැසිරීමට කතාබහ කිරීමට ශක්තිය ලැබෙන දවසක්.අද දිනයේදී ඔබට ප්‍රඥාව බුද්ධිය වර්ධනය වෙන දිනයක්. යම් තනතුරක් යම් වගකීමක් ඔබට ඉහල පාලනාධිකාරියෙන් පැවරෙන දිනයක්. ඒවා ඉටු කරගන්න උසස්වීම් ලැබෙන භාග්‍යවන්ත දිනයක්. හදිසි තීරණ නොගන්න. කෝපයෙන් කටයුතු නොකරන්න.
ජය වර්ණය රන්වන් පැහැය                                                 ජය අංකය 03
කන්‍යා ලග්නය
චතුර කතාව, අපැහැදිලි දේ අන් යට සරලව කියාදීමේ ශක්තිය ඇතිවෙන දවසක්.අද දිනයේදී ඔබ සිනාමුසු මුහුණින් කටයුතු කරන්න කරන්න. හදිසි ධන ලාභ වලටද සුබ දිනයක්. ඔබේ ඉෂ්ට දේවතාවගෙන් අසීමිත උදව් ගන්න පුළුවන් වාසනාවන්ත දිනයක්.
ජය වර්ණය ලා කොළ පැහැය                                                 ජය අංකය 02
තුලා ලග්නය
ඔබ  අද කලකිරීමෙන් ද්වේශයෙන් සිටියානම් ඒ සියල්ල පහ වෙන  දවසක්. වෙළඳාම් ආරම්භ කිරීමට වෙළඳාම් කටයුතු වලට ඉතා සුබ දවසක්. අලසව කටයුතු නොකරන්න. සැලසුම් සහගතව කටයුතු කරන්න.
ජය වර්ණය සුදු  පැහැය                                                    ජය අංකය 01
වෘශ්චික ලග්නය
විදේශගත වීමට විදේශ භාෂා ඉගෙන ගැනීමට විදේශ ගත අය සමඟ ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතාම යෝග්‍ය දවසක්. සියලු බාධා ඉවත්වී බුද්ධියෙන් කටයුතු කිරීමට ඉඩ සැලසෙන දිනයක්.
ජය වර්ණය ලා රතු පැහැය                                               ජය අංකය 09
ධනු ලග්නය
සුරතල් සතුන් සමඟ ගනුදෙනුව අද නොකළ යුතුයි. ගංගා  මුහුදේ ස්නානය ඒ වගේම තෙත කොණ්ඩය පිටින් නිදාගැනීම නොකළ යුතුයි. මත්පැන් පානයෙන් තොර විය යුතු දිනයක්. ඉතාම ප්‍රවේසම් විය යුතු දිනයක්.
ජය වර්ණය කහ පැහැය                                             ජය අංකය 08
මකර ලග්නය
අද ඔබ අනවශ්‍ය ගමන් නොකළ යුතු දවසක්. සිත පාලනය කල යුතුයි. ගමනක් යනවනම් ඔබේ වාහනයේ කාර්මික තත්ත්වය මඳක් සොයා බලන්න. යන අය පිළිබඳව සොයා බලන්න. අගමානුකුල වැඩ කටයුතු වලින් දවස ආරම්භ කරන්න. මංගල යෝග උදාවෙන දිනයකි. ආදායම් මාර්ග විවර වෙයි.
ජය වර්ණය ක්‍රීම්   පැහැය                                                          ජය අංකය 03
කුම්භ ලග්නය
සෞඛ්‍ය පිළිබඳව සැලකිලීමත් විය  යුතු දිනයක්. සතුරු පීඩා චෝදනා ඇති වෙන දිනයක්. නමුත් ඉවසා කටයුතු කරන්න. ප්‍රති උත්තර නොදෙන්න. ඉවසීමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය තද නිල් පැහැය                                                        ජය අංකය 06
මීන ලග්නය
සමාජ සේවා කටයුතු කරන්න වාසනාවන්ත දිනයක්. ප්‍රියසාද වලට සහභාගී විය හැකි දවසක්. සියලු අතපසු වුණ වැඩ පරක්කු වුණ වැඩ අද ඔබට සම්පුර්ණෙන් ඉවර කරගන්න පුළුවන්. අධයාපනික කටයුතු වලටද සුබයි. කලබලෙන් කටයුතු නොකරන්න.
ජය වර්ණ සුදු පැහැය කහ  පැහැය                                                   ජය අංකය 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන 0115010829


News Articles
Latest Videos
Most Popular Post