News Line| Off Air
Generic placeholder image

Nov
1

”ආයෙත් කොණ්ඩෙ කපන්නෙ මහින්ද අගමැති වුණාම”තමන් ගොඩක් ආදරේ කරපු කොණ්ඩෙ කපපු තරුණය කියපු අමුතු කතාව

848 Views


”ආයෙත් කොණ්ඩෙ කපන්නෙ මහින්ද අගමැති වුණාම”තමන් ගොඩක් ආදරේ කරපු කොණ්ඩෙ කපපු තරුණය කියපු අමුතු කතාව

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග නැවත් කොණ්ඩය කපන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමෙන් පසුව බව කියූ තරුනයෙක් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමත් සමග කොණ්ඩය කපා තිබෙනවා.

මෙපමණ කාලයක් තමන් වැවූ කොණ්ඩය කපා ඔහු විසින් අපේක්ෂා රෝහලට දන් දී තිබෙනවා.

මෙම ක්‍රියාවලියෙන් පසුව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් දැමීමටද මේ තරුණයා අමතක කර තිබුණේ නැහැ.

මචං,
රජෙක් තැනුදා 
තමන්ගෙ ජිවිතෙට වඩා ආදරය කරපු කොන්ඩෙ කපල දැම්ම… 
මම දන්නව ජිවිතෙ ගොඩක් දේවල් අත ඇරිය කොන්ඩෙ හින්දා…
අද තම යුතුකම ඉටුකරපු දවසෙ
පන වගේ ආදරය කරපු කොන්ඩෙ අත් ඇරිය
හෙට ඒක තවත් අදුරු ජිවිතෙකට එලියක් වෙයි.
ගොඩක් ආස කරයි
ආදරේ කරයි
මුදී…..
එදා නොකා නොබි වින්ද දුක අපි දන්නව
අද ඒ දේවල් වල ප්‍රතිඵල තියනව.
අද වෙන උන් ලොකු දේවල් කියයි
එත් ඇත්තටම දිනුවෙ
දුක්වින්ද උබලා වගේ අය
ඒ දිනුම ආයෙත් නැති කරන්න දෙන්න එපා…
රජුන් තැනූ
උබ වැනි මිනිසුන්
හෙට වන විට
රජුන්ටද ඔබව අමතක නොවේවා
මම ප්‍රාර්ථනා කරනවා….
මොකද බලය නිලය හමුවේ
මිනිසුන් අන්ද බව මම අහල තියනව
උබලා තැනූ රජුට එසේ නොවේවා…
දිනු දෙය රැකගන්න
හරි දෙය කරන්න
රටට වැඩක් කර ගෙදර එන්න
වැදු මවටත්
හැදුණු රටටත්
ණය නැති
පුතෙකු වෙන්න…
ජය හා සතුට……….
දුටුගැමුණු රජු ජිවය දුන්
වරදාන වරප්‍රසාද අත් හැරි වේලුසුමන කෙනෙක් වේවා……

 


News Articles
Latest Videos
Most Popular Post