News Line| Off Air| Games
Generic placeholder image

Nov
8

අද දවස ඔබට කොහොමද..? මෙන්න විස්තරය

823 Views


අද දවස ඔබට කොහොමද..? මෙන්න විස්තරය

අද 2018 මස නොවැම්බර් 8 වනදා
රාහු කාලය දිවා කාලය දවල් 01.23  සිට දවල්  02.51  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.25 සිට අලුයම 02.57 දක්වා
සුභ දිශා  නිරිත/බස්නාහිර
මරු සිටින දිශාව උතුර
මේෂ ලග්නය
විවාහ වී සිටින අයටද ප්‍රශ්න තිබුණානම් ඒවාද විසදෙන දිනයක්. සිනාමුසු මුහුණින් එයට මුණ දෙන්න.  ඔබට සාර්ථකව අවසන් කළ හැකිය. එයින් ලාබය අවංකව, තීරණ ගැනීමේදී නොපැකිලිව තීරණ ගන්න.  විදේශ කටයුතු වලට ඉතා සුබයි
ජය වර්ණ ලා රෝස පැහැය සහ ලා රතු                                                    ජය අංකය 07
වෘෂභ ලග්නය
සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයක්.  සෙම කොලෙස්ටරෝල් වැනි රෝග වලින් ප්‍රවේසම් වන්න. මේදය සහිත ආහාර වලින් වැළකෙන්න. ශරීර සෞඛ්‍ය පිලිබඳ ඉතාම කැපවීමෙන් සැලකිලිමත් වන්න.   සතුරන්ගෙන් පීඩා එල්ලවන දවසක්. නමුත් ඒවාට පිළිතුරු ලබාදෙන්න යන්න එපා.   ආගමනුකුලව වැඩ ආරම්භ කරන්න.
ජය වර්ණ ල තැඹිලි පැහැය  , සුදු පැහැය                                                ජය අංකය 06
මිථුන ලග්නය
අතපසු වුන වැඩ ඉවර  කරන්නට හැකියාව ලැබෙනවා. . ව්‍යාපාර ස්ථානයේ, රැකියා කරන ස්ථානයේ,  උසස් අධ්‍යාපන කටයුතු කරන ස්ථාන වල ඉන්න ඔබට අතපසු වුණ වැඩ අවසන් කරගන්න පුළුවන්. ඔබ කලා කටයුතු වලට දක්ෂ නිසා එමඟින් සාර්ථකත්වය ලබා ගත හැක. පීඩා වින්ද දුක් කරදර වලින් සැහැල්ලු විය හැකි දිනයක්.
ජය වර්ණ ලා කොළ පැහැය                                                    ජය අංකය 05
කටක ලග්නය
අන් අය සමඟ සුහදශීලිව කටයුතු කරන්න. කරුණා දයාවෙන් කටයුතු කරන දිනයක්.  තමා ගැන නොව අන් අය ගැන සිතා කටයුතු කරන දිනයක්. සංවිධානව කටයුතු කරන්න. එමඟින් දවස සාර්ථක වේවි.
ජය වර්ණය ඇත් දල වර්ණය, දීප්තිමත් සුදු  පැහැය                                                           ජය අංකය 04
සිංහ ලග්නය
සතුරන් විරුද්ධ කරුවන් පරාද කරගෙන ඉදිරියට යන්න පුළුවන්.  නිර්භයව, මනා පෞර්ෂත්වයෙන් කටයුතු කරන දිනයක්. සිංහ ලග්න හිමියෝ ස්වාධින තීරණ ගන්නා, ඉතා ආඩම්බර පිරිසක්. අද දිනයේත් ඒ වගේම ඔබට අභියෝග වලට මුණ දීමේ ශක්තියක් ලැබෙනවා.
ජය වර්ණය රන්වන් පැහැය, ලා  දම් පැහැය                                        ජය අංකය 03
කන්‍යා ලග්නය
බුද්ධිමත්ව, ඥානවන්තව, ධෛර්යවන්තව, කඩිසර ගතියෙන් වැඩ කරන දිනයක්. නිර්මාණාත්මක කටයුතු මතුවන දිනයක්. සමාජ කටයුතු වලදී තනතුරක් ලැබෙන දිනයක්. එය නොපැකිලිව බාරගන්න. කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් ඇති වෙන දිනයක්. ගමන් බිමන් වලදී හොද මිතුරන් හමුවන දිනයක්.
ජය වර්ණය ලා කොළ  පැහැය                                       ජය අංකය 02
තුලා ලග්නය
ඔබ මෙතෙක් නොගිය තැන්වල යන්න, මෙතෙක් රස විඳලා නැති ආහාරද රස විදීමේ භාග්‍ය අද ඔබට හිමිවෙනවා. අද ඔබට රඟපෑමට, ගායනා කිරීමට, වාදනය කිරීම, කතා පැවැත්වීම  අවස්ථාවක් ලැබුනොත්  එය මඟ නොහරින්න. එයින් අද ජනප්‍රියත්වය ඔබට ලැබෙනවා. අතිරේක ව්‍යාපාරයක් අද දිනයේදී ඔබ ආරම්භ කරොත් එය අනිවාර්යෙන් ආදායම් මාර්ග දියුණු වන දියුණුවෙන් දියුණුවට පත් වෙනවා නිසැකයි.
ජය වර්ණය ලා තැඹිලි ලා දම්  පැහැය                                      ජය අංකය 01
වෘශ්චික ලග්නය
අද ඔබට සුබ ආරංචි එන දිනයක්. දරුවන්ගේ කටයුතු පිලිබඳව සුබ දේ අසන්නට ලැබෙන දිනයක්. ආගමානුකුලව දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. අද දිනයේ ක්‍රෝධයෙන් කටයුතු නොකරන්න. වාදයට නොයන්න.  ඉවසීමෙන් තීරණ ගන්න. කියවීමට මුල් තැන දෙන්න.  එය අද දිනයේ ඉතා සුබයි.
ජය වර්ණය ලා රතු සහ ලා රෝස පැහැය                                             ජය අංකය 03
ධනු ලග්නය
දන් දෙන්නට හිත යොමු වෙන දිනයක්. පවිත්‍ර සිතුවිලි නිරෝගී මනසෙන් කටයුතු කරන දිනයක්. නිවැරදි දැක්මෙන් කටයුතු කරන්න. සතුරු පීඩා තිබුණානම් ඒවා යටපත් වන දිනයක්. අයහපත් දේ ඉවත් වෙලා යහපත් දේ සිදුවන දිනයක්. අද ඔබට ඔබේ ඉෂ්ට දෙවතාවගෙන් උදව් ගන්න පුලුවන වාසනාවන්ත දිනයක්.
ජය වර්ණය ගුරු  පැහැය, රතු මිශ්‍ර කහ පාට                                                   ජය අංකය 02
මකර ලග්නය
අලුත් වැඩක්  ආරම්භ කරන්න අන් අයගේ උපකාර ලබන්න හොඳ දවසක් . ඔබේ පරිපාලන හැකියාව නම් ඉහල මට්ටමක පවතින දිනයකි.  කරගන්නා රැකියව පිළිබඳව සතුටු වෙන්න පුළුවන් දිනයක්. ස්වයන් ව්‍යාපාර අද දිනයේදී සැලසුම් කරන්න. සාර්ථක වේවි නිසැකයෙන්ම. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ජය වර්ණය ලා නිල්   පැහැය                               ජය අංකය 01
කුම්භ ලග්නය
තැනෙ හැටියට කටයුතු කරන දිනයක්. යථාර්තයට ගරු කරන දිනයක්. අද ඔබට ණයක් දීමට ණයක් ගැනීමට ඉඩමක් නිවසක් ගැනීමට හොද දිනයක්. රථ වාහන ලබා ගැනීමට ඉතා වාසනාවන්ත දිනයක්. ඔබ මෙතක් අසමත් වුන විෂයක් නැවත කිරීමෙන් සාර්ථකත්වය ලැබෙන දිනයක්.
ජය වර්ණය නිල් පැහැය , ලා නිල පැහැය                                           ජය අංකය 09
මීන ලග්නය
තෙත කොණ්ඩය පිටින් නිදාගැනීම නොකළ යුතුයි. සෙම් ආශ්‍රිත රෝග වැළඳිය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. අහර ගැනීමේදී ප්‍රවේසම් වන්න. ශාරීරික ව්‍යායාම් වල යෙදෙන්න. ආගමානුකුලව කටයුතු කරන්න. සුරතල් සතුන් අතගමේදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය ගුරු පැහැය                                                ජය අංකය 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන                      0115010829


News Articles
Latest Videos
Most Popular Post