අද දවසේ ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න
495 Views
අද 2018 ,නොවැම්බර් මස 12 වනදා
රාහු කාලය දිවා කාලය උදෑසන 07.28 සිට උදෑසන 08.57 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.20 සිට රාත්‍රී 08.51 දක්වා
සුභ දිශාව නැගෙනහිර
මරු සිටින දිශාව වයඹ
මේෂ ලග්නය
කලාකාමී කටයුතු වලට ඉතාම යෝග්‍යය දවසක්. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු දියුණුවට පත්වෙනවා. අන්‍ය පුද්ගලයන් සමඟ මිශ්‍ර වෙලා කරන කටයුතු දියුණුව පහසුවෙන්ම ලඟා කරගන්න පුළුවන්. භූමිය, වැවිලි ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත කටයුතු වලටත් යහපත් දවසක්. තාක්ෂණික මෙවලම් වලින් බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. ආගම ජාතිය කුල බේද නොතකා සමඟින් වැඩ කරන්න. ඒවා ඔබේ කටයුතු වලට පහසු වෙනවා. ජීවිතේට අලුත් බලාපොරොත්තු ගණනාවක් එකතු වෙනවා. ඒ බලාපොරොත්තු ඔබේ සතුටට හේතු වෙනවා.
ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය 05
වෘෂභ ලග්නය
රැකි රක්ෂා වෙළඳාම් කටයුතු වලදී බාධක කම්කටොලු වැඩි වශයෙන් ඇතිවෙන්න පුළුවන්කමක් පවතිනවා. සුරතල් සතුන්ගෙන් පීඩා ඇතිවෙනවා. ආහාර ගැනීමේ රටාවේ යම් වෙනසක් සිද්ධ වෙනවා. වස විස ආහාරයට එකතු වෙන්න පුළුවන්කමක් පවතිනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව ඇති කරනවා. ජව සම්පන්නව කරන කටයුතු පුංචි පුංචි බාධාවන්ට ලක් වෙනවා. ඒ වගේම ඔබ බොහොම කල්පනාවන් හසුරවන්න ඕන සමහර දේවල් ඔබේ ජිවිතයෙන් ඈත් වෙනවා. ඉතාම ප්‍රවේසමෙන් කළමනාකරණය කළ යුතු දවසක් හැටියට අද දවස පෙන්නුම් කරනවා. ඥාතීන් සමඟ විරසක ඇතිවෙන්න පුළුවන්.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 09
මිථුන ලග්නය
අධ්‍යාපනික ශක්තිය බොහොම වර්ධනය වන දිනයක්. සමාජය ඇතුලේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙනවා. ඔබ තුළ ඇති කලාකාමී හැකියාවන් නිසි පරිදි එළියට දාන්න අද දවසේ වාසනා ගුණය පවතිනවා. විවිධ බාධා කම් කටොලු හැලහැප්පීම් මධ්‍යයේ ඔබ ඔබේ අරමුණු කරා ලඟා වෙනවා. ඔබගේ හැකියාවන් මුවහත් කරගන්න අවස්ථාව උදා වෙන දවසක්. ආදායම් තත්වය වර්ධනය වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. පුංචි පුංචි අමනාපකම් තිබුණ අය ඒ අමනාපකම් දුරු කරගෙන තමන්ගේ වටේ ගොඩ නැගෙනවා. ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න සිද්ධ වෙන දිනයක්. කොහොම වුනත් මහන්සියේ ප්‍රතිඵලත් ඔබට ලැබෙන දිනයක්.
ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය 05
කටක ලග්නය
වැඩිහිටියන් සමඟ කරන ගනුදෙනු කිරීම් පිය පාර්ශ්වය සමඟ කරන ක්‍රියාවන්ගෙන් ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕන. ඔබ විවාහක කාන්තාවක්නම් අද දවසේදී ගොඩාක් ප්‍රවේශමෙන් වචන භාවිතා කරන්න. ගෘහ ජිවිතේ කටයුතු සම්පාදනය කරගන්නවානම් අනවශ්‍ය මත බේද මත ගැටුම් ටිකක් දුර දිග යන්න පුළුවන්. සුරතල් සතුන්ගෙන් පීඩාකාරී තත්වයක් ඇතිවෙන්න පුළුවන්. මුදල් භාවිතා කිරීමේදී අරපරිස්සම වැදගත් වනවා.ආහාර ගැනීමේ රටාව පිළිබඳව සැලකිලිමත් වන්න. ඖශධ ගන්න කෙනෙක්නම් නියමිත පරිදි බෙහෙත් ගන්න. විශ්වාස කළ නොහැකි පුද්ගලයන්ගේ ඇසුරට අද දවසේදී පත් වෙන්න පුළුවන්. මේ නිසා ඔබේ ගෞරවය ආරක්ෂාව පිළිබඳව වෙනදට වඩා සැලකිලිමත් වන්න.
ජය වර්ණය තද කහ පැහැය ජය අංකය 05
සිංහ ලග්නය
පෙර පින ඉස්මතු වෙනවා. වික්‍රමය වර්ධනය වෙනවා. ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා.ඇතැම් විට රාජකාරි කටයුතු පොදු කටයුතු මේ බොහෝ දේවල් අතහැර දාල අනිත් අයගේ කටයුතු වලට මැදිහත් වෙන්න සිද්ධ වීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. අධ්‍යාපනික කටයුතු වලට මන්දගාමී ස්වභාවයක් ඇතිවීමේ අවධානමක් පවතිනවා. දරුවන්ගේ කටයුතු වලට පීඩාකාරී තත්ත්ව නිර්මාණය වෙනවා. පොත්පත් අලෙවි කිරීමේ ක්ෂේත්‍රයක කටයුතු කරන කෙනෙක්නම් තරමක් කල්පනාකාරී වීම වැදගත්. මානව දයාව සපිරි දිනයක්.
ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය 06
කන්‍යා ලග්නය
කායික මානසික පීඩාකාරී තත්ත්ව යටපත් කරගෙන සිනාමුසු මුහුණින් ඕනෑම කෙනෙක් සමඟ ගණුදෙනු කරන දවසක් හැටියට හඳුන්වන්න පුළුවන්. හෘදය ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවීමේ අවධානමක් පවතිනවා. සිතට දුකක් ඇති වුණත් මේ දුක තමන්ගේ පරිණතබාවය පිළිබිඹු කරන්න අවශ්‍ය පදනමක් බවට පත්කර ගැනීමේ වාසනා ගුණය ඔබට උදා වෙලා පවතිනවා. ලේඛනගත කටයුතු, යන්ත්‍ර සුත්‍ර ආශ්‍රිත කටයුතු පරිගණක ආශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් සාර්ථකත්වයට පත් කරගැනීමේ භාග්‍යය හිමිවෙනවා. අන් අය වෙනුවෙන් පෙනීසිටීමට අවස්ථාව උදා වෙනවා. ආදායම් තත්වය අනපේක්ෂිත ආකාරයට වර්ධනය වෙනවා. රහස් මිතුරන් ඇතිවෙනවා. වියදම් කිරීමේදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 09
තුලා ලග්නය
අද දවසේ අත තියන ඕනෑම කටයුත්තක් සාර්ථක වෙනවා. පහුගිය දවස්වල තිබුණ බාධක පීඩාකාරී තත්ත්ව යටපත් වෙනව. ඔබ කරපු ආයෝජන වල ප්‍රතිඵල පහසුවෙන් ඇස් පනාපිට භුක්ති විඳීමේ වාසනා ගුණය ඔබට හිමිවෙනවා. ඥාතීන්ගේ උදව් උපකාර ඉතා පහසුවෙන් ලැබෙනවා. ඔබගේ බාල සහෝදරයන් ඉන්නවනම් ඔවුන්ගේ උදව් උපකාර නිරන්තරයෙන්ම ලැබෙන දිනයක්. ලේඛනගත කටයුතු, සංස්කෘතික කටයුතු දියුණුවට පත්වෙනවා. ආහාර ගැනීමේ රටාව වෙනස් වෙනවා. සෞඛ්‍ය සම්පන්න මට්ටම උසස් මට්ටමක පවතිනවා. සෞඛ්‍ය පීඩාකාරී තත්ත්ව දුරු වෙලා යනවා. ආර්ථික බාධා තිබුණානම් යටපත් වෙනවා. අලුත් ආයෝජන වලට හිත යොමු වෙනවා. නමුත් කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය ලා රතු පැහැය ජය අංකය 06
වෘශ්චික ලග්නය
වියදම ඉහළ යනවා. වැඩකටයුතු වලට බාධා එල්ල වෙනවා. සමහර වචන ඔබ ලෙන්ගතුව කියන්න උත්සහ කළත් ඔබට ක්‍ෂණික ආවේග නිසා තත්වය වෙනස් වෙන්න පුළුවන්කම තියනවා. කේන්ති සහගත සිතිවිලි වර්ධනය වෙන්න පුළුවන්. තමන්ගේ පිය පස ඥාතීන්ට තමන්ගේ වැඩිහිටියන්ට යම් විපත් කරදර ඇතිවෙන්න පුළුවන්. ගෙදර තිබෙන වාස්තු දෝෂ වල පීඩාකාරී තත්ත්ව වැඩිවෙන්න පුළුවන්. බුද්ධිමත්බාවයෙන් යුක්තව තීරණ ගන්න දිනයක්. කල්පනාකාරී තීරණ ගන්න ඔබ ගොඩක් මහන්සි වෙන්න ඕන. මුද්‍රණ සම්බන්ධ කටයුතු සන්නිවේදන ක්‍රියාවන්,උපදේශනාත්මක ක්‍රියාවන් වලට යෝග්‍ය දවසක්. පොදු කටයුතු වල සමාජ කටයුතු වල දියුණුවක් ඇතිවෙනවා.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 09
ධනු ලග්නය
කරන කියන කටයුතු යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න හැකියාව ලැබේවි. කලාකාමී කටයුතු පරිගණක ආශ්‍රිත කටයුතු වලට යෝග්‍යය දවසක්. අක්ෂි රෝග ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ඒ වගේම මුඛ රෝග ඇතිවීමේ අවධානමක් පවතිනවා. මේ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. උස් ස්ථාන තෙත් ස්ථාන වලදී ඔබගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමත් වඩාත් වැදගත්. පුංචි පුංචි චිත්ත පීඩා තමන්ගෙන් උදව් උපකාර ලැබූ අයගෙන් පීඩාකාරී තත්ත්ව ඇතිවීම නිසා මානසික ඝට්ටනකාරි තත්ත්ව කිහිපයක් ඇතිවෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. අත්සන් තැබීමේ කටයුතු වලදී දෙපාරකට වඩා සිතිය යුතු දිනයක්.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 04
මකර ලග්නය
ලේඛනගත කටයුතු දියුණුවට පත් වෙනවා. පරිගණක ආශ්‍රිත කටයුතු වර්ධනය වෙනවා. යාළු හිත මිත්‍රාදීන් සමඟ විනෝදයෙන් කල් ගත කරන්න අද දවසේ හැකියාව පවතිනවා. යුග ජිවිතේ බාධක කම්කටොළු තිබුණානම් ඒවා යටපත් වෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න ඉතාම යහපත් දිනයක්. රැකි රක්ෂා කටයුතු වල බාධක කම්කටොළු තිබුණනම් ඒවා දුරස් කරගන්න ඔබට වාසනාව ශක්තිය හිමි වෙනවා. මේ නිසා සමාජය ඇතුලේ අලුත් ප්‍රතිරූපයක් ඔබ පිළිබඳව ගොඩ නැගෙනවා. ඇස් ආශ්‍රිත රෝග ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ටිකක් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. බුද්ධියෙන් කටයුතු කරනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 01
කුම්භ ලග්නය
පෙර පින ඉස්මතු වෙනවා. ආගමානුකුල සිතුවිලි වර්ධනය වෙනවා. පෙර පින ශක්තිමත්බාවයට පත් වෙනවා. අත ගහන සමහර කටයුතු අනපේක්ෂිත ආකාරයට සාර්ථක වෙනවා. ඔබේ වචනය සමාජය තුළ රැව් පිළිරැව් දෙනවා. මේ නිසා වික්‍රමාන්විත පුද්ගලයෙක් හැටියට සමාජයේ නැගී සිටින්න අද දවසේ ඔබට වාසනාව හිමිවෙනවා. ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු වලට ඉතා යෝග්‍යයයි. මානව සම්පත් කළමනාකරණ කටයුතු වලට යෝග්‍ය දිනයක්.
ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය 03
මීන ලග්නය
අනපේක්ෂිත බාධක කම්කටොළු ඇති වෙන දිනයක්. රහස් ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. මේ නිසා යුග ජිවිතය ඇතුලේ හැලහැප්පීම් ඇති වෙන්න පුළුවන්. දෙමව්පිය විරෝධතා ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරී වන්න. මුදල් වියදම් වීමේ ස්වභාවය පවතිනවා. ඒ නිසා ඔබ හම්බ කරන මුදලට වඩා වියදම් කිරීමේ ස්වභාවය ඉතාම වැඩියි. ප්‍රිය සම්භාෂණ ප්‍රිය උත්සව වගේ දේවල් වලට ඔබට ආරාධනා ලැබෙනවා. යන එන තැන් වලදී ඔබගේ ගෞරවය ආරක්ෂා කරගන්න හිතේ තියාගන්න. අන්තර් පුද්ගල සම්බන්ධතා වලට යහපත් දිනයක්. අත්සන් තැබීමේ කටයුතු වල මුල්‍යමය කටයුතු වල යම් දදියුණුවක් පවතිනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 06
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන 0766765353