News Line| Off Air
Generic placeholder image

Nov
16

අද දවසේ ලග්න පලාඵල

828 Views


අද දවසේ ලග්න පලාඵල

අද 2018 ,නොවැම්බර් මස 16 වනදා
රාහු කාලය දිවා කාලය උදෑසන 10.26 සිට සවස 11.55  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.23 සිට රාත්‍රී 11.54 දක්වා
සුභ දිශාව උතුර
මරු සිටින දිශාව ගිනිකොණ
මේෂ ලග්නය 
ජීවිතේට බලාපොරොත්තු ගණනාවක් එකතු වෙනවා. ඒ බලාපොරොත්තු සියල්ල ක්‍රමානුකුලව විසඳගන්න හැකියාව ශක්තිය අද ඔබ සතුව පවතිනවා. ජිවිතේ පිලිබඳ අලුත් දේවල් හිතන්න පතන්න හැකියාව ලැබෙනවා. යන්ත්‍ර සුත්‍ර වෙළඳාම් කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. කලාකාමී කටයුතු බොහොම පහසුවෙන් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. කේන්ති සහගත සිතුවිලි ඇතිවෙන දිනයක්. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව තිබුනානම් ඒවා යටපත් වෙනවා.
ජය වර්ණය රන්වන් පැහැය                                                    ජය අංකය 09
වෘෂභ ලග්නය 
ඥාති මිත්‍ර සම්බන්ධතා බොහොම පහසුවෙන් දියුණු කරගන්න පුළුවන්. ඥාතීන්ගේ උදව් උපකාර ලැබෙනවා. වෘත්තිමය කටයුතු වල තිබුණ බාධා කරදර දුරස් කරගන්නත් හැකියාව පවතිනවා. කායික මානසික පීඩාකාරී තත්ත්ව බොහොම පහසුවෙන් යටපත් කරගන්න පුළුවන්. ජීවිතේට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. ඒ බලාපොරොත්තු අතරේ මනස ව්‍යාකුල වෙන්න පුළුවන් ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔබ තීන්දු තීරණ ගනිද්දී ප්‍රවේශම් වන්න. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව වැටීම් තැලීම් තුවාල වීම් ඇති වෙන්න පුළුවන්. ආකර්ෂණ තත්වය ඉතා උසස් මට්ටමක පවතිනවා. ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය ලා කහ පැහැය                                                ජය අංකය 03
මිථුන ලග්නය 
පෙර පින ඉස්මතු කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ආගමානුකුල කටයුතු වලට වඩා දේව භක්තිය තමන්ගේ ස්වාධීන චින්තනය විශ්වාස කරන දිනයක්. යන්ත්‍ර සුත්‍ර යාන වාහන අලෙවි කිරීම් ආදිය කටයුතු වලට සුබයි. ඖශධ සම්බන්ධ කටයුතු නිතිය සම්බන්ධ කටයුතු දියුණුවට දීප්තිමත් බාවයට  පත්වෙනවා. වචන භාවිත කිරීමේදී ආවේගශීලි වෙනවා. නමුත් මේ සියල්ල අතරේ කායික මානසික පීඩාකාරී තත්වයන් යටපත් කරගන්න කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය ලා කොළ  පැහැය                                                    ජය අංකය 09
කටක ලග්නය
කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. ආරම්භ කරන කටයුතු විටින් විට වෙනස් කිරිමේ තත්වයක් පෙන්නුම් කරනවා. ආමාශගත රෝගී තත්ත්ව යම් ආකාරයක පීඩාකාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. සියුම් සතුරු කරදර ඇතිවෙන්න පුළුවන්. ගෙවල් දොරවල් ආශ්‍රිත කටයුතු යාන වාහන සම්බන්ධ ක්‍රියාකාරකම් දියුණු කරගන්න හැකියාවක් පවතිනවා, කලාකාමී කටයුතු කරන අයට යම් යහපත් තත්වයක් උදාවෙනවා. විදේශගත වෙලා සිටින අයගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව අවධානය යොමු කරන්න. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. සමාජයේ  ගෞරවයට පාත්‍ර වෙනව. ගන්න තීන්දු තීරණ වරදින්නේ නෑ.
ජය වර්ණය ලා කහ පැහැය                                                           ජය අංකය 03
සිංහ ලග්නය 
කලාකාමී කටයුතු වලට, පොදු කටයුතු වලට හවුල් ව්‍යාපාරික කටයුතු වලට ඉතාම යහපත්. රැකියා ස්ථානයේ යම් යම් පීඩාකාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. නමුත් හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුබයි. ජීවිතේට බලාපොරොත්තු ගණනාවක් එකතු වෙනවා. ඒ බලාපොරොත්තු සියල්ල නිසි පරිදි සාර්ථකත්වයට පත් වෙනවා. හෘද රෝගී තත්වයකින් පීඩා වින්දානම්, විදිනවානම්  නිරෝගී සුවය ලැබේවි. අතගහන ඕනෑම කටයුත්තක් පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.
ජය වර්ණය ලා රතු පැහැය                                         ජය අංකය 06
කන්‍යා ලග්නය 
සතුරන් මිතුරන් කරගන්න පුළුවන් දවසක්. අධ්‍යාපනික කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. කලාකෘති අලුතෙන් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒ කටයුතු වලට ඉතා යෝග්‍යයි. ගෙදර දොර ආශ්‍රිත කටයුතු වල යම් මත ගැටුම් මත බේද ඇතිවෙන්න පුළුවන. වැඩිහිටියන් සමඟ කරන ගනුදෙනු වලදී ඉවසීම ප්‍රගුණ කරන්න. අසනීප උපද්‍රව ආදී දේවල් වලට යම්  වේවි. යන එන ගමන් බිමන් වලදී තෙහෙට්ටු ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන.
ජය වර්ණය ලා කහ පැහැය                                       ජය අංකය 07
තුලා ලග්නය 
කායික මානසික පීඩාකාරී තත්ත්ව විටෙන්විට ඇතිවුණත් තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණය ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම ඇතැම් අවස්ථා වලදී අනවශ්‍ය ආකාරයේ මත ගැටුම් මත බේද වලින් දුරස් වෙලා, හුදකලාව නිදහසේ නිහඬව ගත කරන්න බලන ස්වභාවයක් පෙන්නුම් කරනවා. හෘදය වියලීම පෙනහළු ආශ්‍රිත රෝගී තත්ව ඇතිවේවි. නමුත් ගෘහ ජීවිතය පවත්වාගෙන යන්න ශක්තිය ලැබෙනවා. සමාජයේ ගෞරවය ආකර්ශනය ලැබෙනවා. වෘත්තිමය කටයුතු වලදී යම් ගමන් බිමන් වැඩිවේවි. වියදම් කිරීමේදී කල්පනාකාරී වෙන්න. මුල්‍යය සම්බන්ධ කටයුතු වලට අත්සන් තැබීමේ කටයුතු වලට සුබයි.
ජය වර්ණය විසිතුරු පැහැය                                         ජය අංකය 05
වෘශ්චික ලග්නය 
ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන සම්බන්ධ කටයුතු වගේම ඉංජිනේරු සේවා ඉදිකිරීම් සම්බන්ධ කටයුතු වලට යහපත් දිනයක්. ස්නායුගත රෝගී තත්ත්ව වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක්නම් එම රෝගී තත්ත්ව දුරු කරගන්න වාසනා ශක්තිය පෙන්නුම් කරනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. ඒ නිසා ඒ පිලිබඳ සැලකිලිමත් වන්න. සමාජ සේවා කටයුතු පොදු කටයුතු දියුණුවට පත් වෙනවා.
ජය වර්ණය ලා නිල් පැහැය                                             ජය අංකය 09
ධනු ලග්නය 
වැටීම් තැලීම් තුවාලවීම් යම් කිසි මානසික පීඩාකාරී තත්ත්ව ඇතිවීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරනවා. කාලය කළමනාකරණය කර ගැනීමට නොහැකි නිසා සිත කඩා වැටීමක් පෙන්නුම් කරනවා. ජලය ආශ්‍රිත කටයුතු වලදී උස් ස්ථාන ආශ්‍රිත කටයුතු වලදී බහුතරයක් සමඟ කරන කටයුතු වලදී කල්පනාකාරී වන්න. දවසේ වැඩ පටන් ගන්න කලින් ගණ දෙවිදුන්ට කහ මල් වට්ටියක් පුජා කරන්න.
ජය වර්ණය ලා කහ පැහැය                                                  ජය අංකය 09
මකර ලග්නය 
ගමන් බිමන් ආදී කටයුතු නිසා කාර්යබහුල ස්වභාවයක් පෙන්නුම් කරනවා. තමන්ට හිතවත් පිරිස් සමඟ ගනුදෙනු කිරීම නිසා පාඩු සිදුවන්න පුළුවන්. හවුල් ව්‍යාපාර වලදී යම් ආකාරයක ඝට්ටනයක් ඇතිවෙන්න් පුළුවන්. යන්ත්‍ර සුත්‍ර කළා නිර්මාන තාක්ෂණික උපකරණ යොදාගෙන කරන කටයුතු පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. ජීවිතය ඇතුලේ අනවශ්‍ය පීඩාකාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන. විටෙක් හිනා වෙලා කතා කරන ඔබ තවත් විටෙක ඉතාම් අකෙන්ති සහගත ස්වභාවයෙන් කටයුතු කරනවා.
ජය වර්ණය ලා රතු පැහැය                                     ජය අංකය 06
කුම්භ ලග්නය 
රාජ්‍ය සේවා කටයුතු අර්ධ රාජ්‍ය සේවා කටයුතු යම් පීඩාකාරී ස්වාභාය්වක් පෙන්නුම් කරනවා. මනස ව්‍යාකුල වෙනවා. කේන්ති සහගත ස්වභාව ඇතිවෙනව. ඔලුවේ කැක්කුම් ඇතිවෙන්න පුළුවන්. ඇස් වල දැවිල්ල ගතියක් ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ආවේගශීලිව කටයුතු කරනවා. අන් අයගේ උදව් උපකාර ලැබෙනවා. අන් අයගේ ආකර්ෂණය ඇතිවෙනවා. ජලය ආශ්‍රිත කටයුතු සංවර්ධන කටයුතු කලාකාමී කටයුතු වලට යහපත් දිනයක්.
ජය වර්ණය ලා කහ පැහැය                                       ජය අංකය 09
මීන ලග්නය 
තරමක චිත්ත පීඩා,මානසික අසහනකාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. පවුලේ උදවිය සමඟ මත ගැටුම් මත බේද ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔවුන්ට යම් යම් අසනිපකාරි ලක්ෂණ පෙන්නුම් කරනවා. එම නිසා ඔවුන් පිළිබඳව අවධානය යොමු කරන්න. තරඟකාරී කටයුතු වලින් පහසුවෙන් ජයග්‍රහණය ලබාගන්න පුළුවන්. නමුත් ඔබ කරන සමහර කටයතු නිසා දුවා දරුවන්ට යම් පීඩා ඇතිවෙන්න පුළුවන්.
ජය වර්ණය විසිතුරු පැහැය                                                ජය අංකය 03
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන         0766765353


News Articles
Latest Videos
Most Popular Post