News Line| Off Air
Generic placeholder image

Dec
10

ඔබ හිතනවට වඩා ඔබ හරිම පොහොසත්..

1192 Views


ඔබ හිතනවට වඩා ඔබ හරිම පොහොසත්..

ඔබ හිතනවට වඩා ඔබ හරිම පොහොසත්..

පොහොසත් කම කියන්නේ බොහොම සාපේක්‍ෂ දෙයක්. අනික් අතට මුදල් වලින් විතරක් අපේ දුප්පත් පෝසත්කම මනින්න බෑ. පොහොසත්කම මනින්න තව ගොඩක් දේ බලපානවා. ආදායම් මට්ටම කියන්නේ එක සාධකයක් විතරයි.

යටිහිත කියන සිංහල පරිවර්තන කෘතියේ මුල් කෘතිය ලියපු අචාර්ය ජෝසප් මර්සි මෙන්න මේ වගේ කතාවක් කියනවා ” ඔබ වටේ තියෙන්නේ අසීමිත පොහොසත් බාවයක් කියන එක ඔබ මානසික ඇහැ ඇරලා බැලුවොත් ඔබට පෙනෙන්න පටන් ගන්නවා” මොකද්ද අප්පේ මේ මානසික ඇහැ? ඔබ දැන් කල්පනා කරන්න පටන් ගත්තා නේද ?  ඒක මේ වගේ දෙයක්. ඔබට ලැබිල තියන හැමදේ ගැනම සතුටු වෙන්න පුරුදු වෙන්න.ඔබට ලැබිල තියන අසීමිත අවස්ථා ගැන හදවත පිරීයන කෘතඤතාවක් ඇතිකරගන්න. හමුවෙන හමුවෙන හැමකෙනාටම මුවපුරා හිනාවෙන්න, ස්තුති පුදන්න. හිනාව කියන්නේ අපට නොමිලේ දෙන්න පුළුවන් එකම තෑග්ග. ඔබ තුති පුදන්න තුති පුදන්න  ඔබට අළුත් දේවල් ලැබෙනවා. ඔබට ලැබෙන්න තියන දේ ගැන ආසාවක් ඇතිකරගන්න. ඒ වගේ දෙයක් වෙන කෙනෙකුට ලැබුනොත් සතුටු වෙන්න පුරුදු වෙන්න. එහෙම කිවුවට පුංචි ඉරිසියාවක් හිතේ කොනක ඇතිවෙනවා නේද? ඒක ටික ටික අඩුකරගන්න පුරුදු වෙන්න. විශ්වයට ප්‍රසංශා කරන්න. විශ්වයට ස්තුති කරන්න.

ඔබ හිතනවාට වඩා දේ ඔබලග තියනවා. දන්නවද ඈත අහසේ තරු පේන්නේ හරි පොඩියට. තරු එහෙම පෙනුනට තරු ඇත්තටම පොඩි නෑ. ඔබ පොඩියි කියල ඔබට දැනුනට ඇත්තටම ඔබ පොඩි  නෑ. හදවතින්ම ඔබ ඔබගැන විශ්වාස කරන්න. ඔබ බලාපොරොත්තු වන මාසික ආදායම් ඉලක්කය ඔබට අනිවාර්යයෙන් සපුරගන්න පුළුවන්. අවශ්‍ය  වන්නේ මානසික ඇහැකින් ලෝකය දෙස බැලීමයි.  එය ඔබේ ජිවිතයේ කතාව වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වේවි. ඔබට ජය..

 


News Articles
Latest Videos
Most Popular Post