News Line| Off Air
Generic placeholder image

Jan
14

මම සිවුර ඇඳගෙන හිටියේ දවසයි – කාලෙකට පස්සෙ දමිත් අසංක පිළිතුරු දෙයි

1314 Views


මම සිවුර ඇඳගෙන හිටියේ දවසයි – කාලෙකට පස්සෙ දමිත් අසංක පිළිතුරු දෙයි

දමිත් අසංක කියන්නේ පසුගිය දවස්වල වැඩිපුර කතා බහට ලක් වෙච්ච චරිතයක් . දීර්ඝ කාලයකට පස්සේ දමිත් අසංක මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණේ මේ ආකාරයටයි.

ඇත්තටම ඇත්තටම දමිත් මොකද පහුගිය කාලෙ වුණේ ?

මම රසික ආදරය දිනාගත්ත පුද්ගලයෙක්. ජනප්‍රියත්වය එක්ක අපිට සමහර වෙලාවට අපේ පෞද්ගලික ජීවිතය පවා නැති වෙලා යනවා. මාව බන්ධනාගාර ගත කරපු එක ගැන සමාජයෙන් විවිධාකාර කතා කියනවා කියනවා. ඒ හුඟක් කතා බොරු. මිනිස්සු නොවිඳපු අත්දැකීම් කම්කටොලු මම මගේ ජීවිතේ ඕන තරම් විදලා තියනවා. ඒ නිසා මාව වට්ටන්න ටිකක් අමාරුයි. අපිට ලං වෙන මිනිස්සු තමයි දවසක අපේ අගාධයට වල කපන්නේ.

ඔබ සිවුරක් ඇඳගෙන සිටිය කියන කතාව ඇත්ත ද ?

ඒ කතාව ඇත්ත.  ඒ සිවුර හොරෙන් අරගෙන ආවා කියලා බොරු චෝදනා කරලා මාව දවස් 14 හිරේට දැම්මා. මම බුදු වෙලා කියලා මම කියල මම කියනව කියල මිනිස්සු මං ගැන විවිධ කතා කියලා තිබුණා. බුදුවෙන්න  කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරන්න ඕන. මම සිවුර ඇඳගෙන හිටියේ දවසයි. මම හොඳට බණ අහපු ධර්ම ජීවත් වුණ කෙනෙක්. හොරකම් කරලා දෙන්න ඕනි කමක් නැහැ.

මම ජීවිතය ගැන කළකිරීමක් තියෙනවාද ?

කළකිරීමක් තියෙනවා. දැන් ඒ සියල්ලම සිද්ධ වෙලා ඉවරයි. කිසිම කෙනෙක් එක්ක මගේ හිතේ කහටක් නෑ. බුදු හාමුදුරුවන්ටත් ලෙඩ රෝග 12ක් තිබුණා. එහෙම එකේ මට මොන ජාතිය ලෙඩ තියෙනවද කියල මම දන්නේ නැහැ.

ඇත්තටම දමිත් අසංක කියන චරිතය රටේ ජනප්‍රිය චරිතයක් කළේ මමයි කියලා නිල්වලා අධිපති කියනවා?

කවදාවත් අතීතය ගැන මම දුක් වෙන්නේ නැහැ. ඔය කියන කාරණයේදී එක් අයෙක් නිසා මම ජනප්‍රිය වුණා කනා කියන්න බැහැ. මම ජනප්‍රිය වුණේ මිනිස්සු මගේ ගීතවලට ප්‍රිය කරපු නිසා. උපුල් ජයසිංහ මහත්තයා මට උදව් කළා. අම්මා, තාත්තා, මගේ පාසල, ගම, අතරමැද, මේ සියල්ල මගේ ජනප්‍රියත්වයට ශක්තියක් වුණා. මට ඒ අයගෙන් උදව් ලැබුණා කොතැනකදීවත් මම නැහැ කියන්නේ නැහැ.

ඔබ පසුගිය කාලේ සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. දිගටම සංගීත කටයුතු කරගෙන යනවාද ?

ඔහු පුහුණුවීම් කටයුතු කරගෙන ආවා මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් මම ගෙවන ජීවිතය ගැන තත්පරයක්වත් පසුතැවෙන්නේ නැහැ. ඉවසීමෙන් කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා.

මේ සිදුවීමෙන් පස්සේ ප්‍රසංග වේදිකාවට ගොඩ වුණා ද?

ඔහු දෙසැම්බර් 31 ගෝල්ෆේස් පිට්ටනිය තිබුණු ප්‍රසංගයට ගොඩ වුනා. හරි හිතේ නිදහසක් නැති නිසා. දෙසැම්බර් 31 ගෝල්ෆෙස් පිට්ටනිය තිබුණු ප්‍රසංගයට ගොඩ වුනා. හිතේ නිදහසක් නැති නිසා මම ප්‍රසංගවලට පසුගිය දිනවල සහභාගි වුණේ නෑ. දැන් මම පුරුදු විදිහට ප්‍රසංග වලට දායක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post