ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ ඉදන් උතුර දෙසට පැය බාගයකභාගයක පමණ වාහන ගමනාගමනය කින් පසුව හමුවන වෙස්ට් ඩම්බර්ෂයන් පළාතෙන් දහ නව වැනි සියවසට අයත් මන්දිරයක් පිහිටා තිබෙනවා. මෙම මන්දිරය හදුන්වන්නේ ඕවර්ටවුන් යනුවෙනුයි . ඕවර්ටවුන් සාමි වරයා සතු මේ මන්දිරයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා 1895 – 1895 දී පාලමක් ඉදිකර තිබෙනවා.
පසුගිය වසර 160 කට එකසිය හැටකට පමණ ඉතිහාසය තුළ වඩාත් මන්දිරය චිත්‍රපට රූගත කිරීමේ දර්ශන තලයක් , මෘත නිවාසයක් සහ දෙවැනි ලෝක යුද්ධ සමයේ මිත්‍ර හමුදාවට අයත් සොල්දාදුවන් සදහා වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් භාවිතා කොට තිබෙනවා. නමුත් මේ සියලුම දෙයට වඩා මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙන්නේ මන්දිරයට ප්‍රවේශ වන ඕවර්ටවුන් පාලම වෙතයි.
1895 අයිති වීමෙන් අනතුරුව දශක ගණනාවක්ම ගණනාවක් ම කිසිදු විශේෂ තත්ත්වයක් නොවූ මේ අපූරු පාලම ගැන කවුරුත් කතාබහ කරන්න පටන් ගත්තේ 1950 – 1950 ගණන් වලින් පසුවයි. ඒ බල්ලන්ගේ පාලමෙන් පැන දිවි නසා නසා ගැනීමට පෙළඹ වීමත් සමගයි. ගෙවී ගිය වසර 60 ක පමණ කාලය තුළ මේ පාලමෙන් පහළට කිසිදු හේතුවකින් තොරව බල්ලන් 600 ක් පමණ පැන ඇති අතර ඉන් පනස් දෙනකු පමණ මිය ගොස් තිබෙනවා. දිවි ගලවා ගැනීමට සමත් වූ ඇතැම් බල්ලන් දෙවෙනි වතාවේ මේ පාලමෙන් පැනලා දිවි නසා නසා ගැනීමේ සිද්ධි වාර්තා වෙනවා.
මේ දිවි නසාගන්නා බල්ලන් හැම එකෙක්ම පාලමේ එකම තැනකින් පහළට පැනීමත් විශේෂ තත්ත්වයක්. එම ස්ථානයෙන් පැන්න විට උන් වැටෙන්නේ අඩි 50ක් පමණ පහතින් පිහිටි කළුගල් තලාවක් මතටයි. ඒ වගේම මේ සෑම බල්ලෙකු ම පාහේ දඩයම් කිරීම සඳහා යොදා ගනු ලබන හොඳ ඉවක් සහිත හොම්බ දිග වර්ගයේ බල්ලන් වීමත් විශේෂත්වයක්. ඒ විතරක් නෙවෙයි මේ බල්ලන් පහළට පැන ඇත්තේ හොඳින් හිරු පායා තිබුණු දවස් වලයි.
වතාවක් මේ පාලමෙන් තම දෙසතියක් වයසට දරුවා පහළට විසි කොට මරා දමා දිවි නසා ගැනීමට උත්සාහ දැරූ පියෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගේ විශ්වාසය වූයේ එම දරුවා යක්ශයාගේ ආත්මයක් බවයි.
මේ මරණයේ පාලම පිළිබඳරම පිළිබඳව බොහෝ විද්‍යාඥයින් විවිධ පර්යේෂණ සිදු කර තිබෙනවා. නමුත් මේ ආකාරයෙන් බලන් දිවිනසා ගැනීමට පෙළඹීම පිළිබඳව කිසිදු හේතුවක් සොයා ගැනීමට කිසිවෙකු සමත් වී නෑ. මේ අන්දමින් පර්යේෂණ සිදු කළ පිරිස අතරට භූත විද්‍යාඥයින්ද අයත් වෙනවා. ඒ අතරින් කීප දෙනකු පවසා ඇත්තේ ඕවර්ටවුන් ආර්යාවගේ සාපය නිසා මෙය සිදු වන බවයි .