News Line| Off Air
Generic placeholder image

Feb
2

පන්දුව ගෙලේ වැදීම නිසා දිමුත් කරුණාරත්න රෝහලේ

851 Views


පන්දුව ගෙලේ වැදීම නිසා දිමුත් කරුණාරත්න රෝහලේ

ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඕස්ටේ‍්‍රලියාව සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දරුණු අනතුරකට මුහුණපෑවා. ඒ, පැට් කමින්ස් යැවූ බවුන්සර් පන්දුවක් ගෙල පිටුපස වැදීමෙන්. පන්දුව වැදුණු විගස දිමුත් කරුණාරත්න බිම වැතුරුණු අතර ඔහු මිනිත්තු 30 කට ආසන්න කාලයක් එලෙස වැතිරී සිටියා. පසුව වෛද්‍යවරු පරීක්‍ෂා කිරීමෙන් පසු ඔහු රෝහල්ගත කිරීමටයි පියවර ගත්තේ.

දිමුත් කරුණාරත්න රැගෙන යාම සදහා ගිලන් රථයක්ද තරගය පැවැත්වෙන මනුකා ඕවල් කී‍්‍රඩාංගණය අසලට කැදවා තිබුණා. දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත් වන විට නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 46 ක්. ලහිරු තිරිමාන්න සමග පළමු කඩුල්ලට ලකුණු 82 ක සාර්ථක සබදතාවක් ගොඩනගමින් සිටියදීයි දිමුත් කරුණාරත්න මෙලෙස අනතුරකට ලක්වුණේ.

දිමුත් කරුණාරත්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ පන්දුව ගෙලෙහි වැදුණු අවස්ථාවේ ඔහු යම් කම්පනයකින් සිටි බවයි. පසුව ඔහු තමන් අසල සිටි වෛද්‍යවරු සහ කී‍්‍රඩකයින් සමග කතාබහ කළ බවද ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කර සිටියා. දිමුත් කරුණාරත්න මේ වනවිට ස්කෑන් පරීක්‍ෂණයක් සදහාද යොමුකර තිබෙනවා.

මෙම තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 2 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටියා. ඒ, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිමට රැුස් කළ ලකුණු 534 ට පිළිතුරු වශයෙන්. ලහිරු තිරිමාන්න දැවී ගියේ ලකුණු 41 කටයි. කුසල් මෙන්ඩිස් ලකුණු 6 කට දැවී ගියා. කැන්බරාහි මනුකා ඕවල් කි‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.


News Articles
Latest Videos
Most Popular Post