News Line| Off Air
Generic placeholder image

Feb
12

අගමැතිට එරෙහි නඩුවට ගොනු කළ සාක්ෂි පිටපත් සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක්

432 Views


අගමැතිට එරෙහි නඩුවට ගොනු කළ සාක්ෂි පිටපත් සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක්

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණයේ දී අද (12) කැදවනු ලැබුවා. අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සහ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී කියා සිටියේ මෙම පෙත්සම මුල් අවස්ථාවේම ප‍්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලීමක් සිදු කරන බවයි.

පෙත්සම සදහා පෙත්සම්කාරිය විසින් පදනම් කරගෙන ඇත්තේ සහතික නොකළ ඡුායා පිටපත් සහිත ලේඛන බව ද ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් පෙන්වා දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට අනුව මුල් පිටපත් නොමැති මෙවැනි ලේඛන සලකා බැලිය නොහැකි බවටයි ඔහු වැඩිදුරටත් තර්ක කළේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එළඹ ඇතැයි කියන ප‍්‍රශ්නගත ගිවිසුමට අදාළ ලේඛනය ද ඉදිරිපත් කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ කොළඹ නාගරික මන්ත‍්‍රී ශර්මිලා ගෝනවල විසින්. ශිරාන් ගුණරත්න සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන ද්වී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එය විභාගයට ගැනෙණවා.


News Articles
Latest Videos
Most Popular Post