ජනප්‍රිය ගායක රහල් අල්විස් තරුණියකට මහ මඟදී පහර දෙන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජ ජාල වල හුවමාරු වුනා. ඒ ඡායාරුප දකිද්දී අපට හිතුනේ එක්කෝ මේක රහල්ට කේන්ති ගිහිල්ලා සිද්ධ වුන ඇත්තම දෙයක්, නැත්තන් ව්‍යාජව සංස්කරණය කරපු ජායාරූප කිහිපයක් කියලයි. හැබැයි මේ වෙද්දී අපිට හිතෙන්නේ මේක රහල්ගේ අලුත්ම Music Video එකේ පූර්ව ප්‍රචාරක වැඩක් කියල. හැබැයි පහුගිය දවස නිතුත් වුන රහල්ගේ අලුත්ම Music Video එකේ අදාළ CCTV දර්ශණ කොටස නැහැ. එත් ගුටිකාපු තරුණිය නම් Music Video එකේ ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. පහුගිය දවසක ඉන්දු – ශ්‍රීලංකා තරඟ අතර පිටියේ එහා මෙහා ගිය තරුණිය.
කොහොම වුනත් රහල්ගේ මේ අලුත්ම Music Video එක සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. පන්සලට යනකොට ගැලපෙන විදිහට ඇඳගෙන යන්න කියන කාරණයත් එක්ක, ආදරය හරි අපුරුවට ගලපලා තියෙනවා. ඒ වගේම මහ පාරේදී තරුණියට පහරදෙන දර්ශනයක් නැති වුනත්, එහෙම ඡායාරුප වලින් Music Video එක ගැන කලින් ඉඟියක් දෙන්න ඇත්තේ ඇයි කියලත් ඔහුගේ අලුත්ම Music Video එක දැක්කාම හිතාගන්න පුළුවන්.
සම්පුර්ණ Video එක මෙන්න..