සාමාන්‍යයෙන් තරුණ තරුණියන් යන්නත් එලියට බහින්නේ ජැන්ඩියට ඇදලා කරලානේ. දැකලා තියෙනවද තරුණයෙක් නාන තුවාය පිටින් බස් එකක යනවා. හැබැයි ඊයේ දවල් තරුණයෙක් නුගේගොඩ පාලම ළග තියෙන බස් නැවතුමට තුවායක් විතරක් ඇඳගෙන ඇවිල්ලා. මිනිසුන් රැසක් ඉන්න ජනාකීර්ණ වෙලාවක තමයි මේ තරුණයා ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ ඔහු කොළඹ කොටුව දෙසට යන බස් එකකට නැඟලා. හැබැයි බස් එකේදී තවත් තරුණයින් ඔහුට විරෝධය දක්වලා තියෙනවා.
ඒ තරුණයින් පිරිස ඔහුට දැඩි විරෝධයක් දක්වලා බසයෙන් බස්සවලා. විරෝධය දක්වපු තරුණයින් කියලා තියෙන්නේ ගැහැනු ළමුන් පවා බස් එකේ ඉන්න හින්දා බස් එකෙන් බහින්න කියලා. හැබැයි තුවාය ඇදන් හිටිය තරුණයා කියලා තියෙන්නේ තමුන්ට කැමති ලෙස පාරේ යෑමට අයිතියක් තියෙනවා කියලා සහ උඩුකය විතරක් නිරුවත් වීම කාටවත් බාදාවක් නෙවෙයි කියලයි. තමුන්ගේ ඇග ලස්සන නිසා රෙදි වලින් වහ ගන්න අවශ්‍යතාවක් නෑ කියලත් ඒ තරුණයා කියලා තියෙනවා. කොහොම හරි අනිත් අයගේ විරෝධය නිසා මේ තරුණයා බස් එකෙන් බැහැලා.
අපිට ආරංචි වුන විදියට නම් මේ තරුණයගේ නම දමිත් සුදන්ත. ඔනුහේ යාලුවෙක් මේ සිද්ධියේ ඡායාරූප අරන් තියෙනවා. හැබැයි අපි දන්නේ නේ ඔහු මේ මොකටද කියලා. ඒ ගැන අපි ඔබට කියන්නම්. මේ තියෙන්නේ ඔහුගේ යාළුවා ගත්ත Photos.