News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

ලංකාවට අාපු අක්කර 4.5 විශාල අැමරිකන් යුධ නැවේ විස්තර මෙන්න.

2220 Views


ලංකාවට අාපු අක්කර 4.5 විශාල අැමරිකන් යුධ නැවේ විස්තර මෙන්න.

ලෝකයේ විශාලම යුධ නැව් තියෙන්නෙ අැමරිකාවට. ගුවන්යානා විශාල සංඛ්‍යාවක් නවත්වලා තියන්න පුළුවන් තරමේ නැව් අැමරිකානු හමුදාව සතුව තියෙනවා. එ් වගේ විශාල යුධ නැවක් පසුගියදා කොළඹට අාවා. අවුරුදු 32 කට පස්සේ තමයි අැමරිකානු යුධ නැවක් ලංකාවට අාවේ. අැමරිකානු නාවික හමුදාවට අයිති විශාලම සහ පරණම යුධ නෞකාව වන යූ.එස්.එස් නිමිටස් නැව සහ තවත් ප්‍රහාරක නෞකා 5 ක් මේ විදියට ලංකාවට අාවා.

අැමරිකානු නාවික හමුදාවේ විශාලම යුධ නැව වෙන නිමිටස් නෞකාව තට්ටු 23 කින් සමන්විතයි. පුදුමයි නේද. එ් කියන්නෙ පාවෙන ගොඩනැගිල්ලක් වගේ. පොඩ්ඩක් ඉන්න. පුදුම වෙන්න තව දේවල් තියෙනවා. මේ නෞකාවේ දිග මීටර් 333 ක්. පුද්ගලයින් 5000 කට නවාතැන් පහසුකම් නැව අැතුලේ තියෙනවා

එ් වගේම නැවේ මුළුතැන්ගෙයි හැමදාම අාහාර වේල් 18,000 ක් සපයනවා. වතුර ලීටර් මිලියන 1.5 ක් නිපදවනවා. නිමිටස් නැවේ බාබර් සැලූන් දෙකක් තියෙනවා. එ්වගේ සෑම සතියකම 1500 කගේ විතර කොණ්ඩය කපනවා. නිමිටස් නැව අක්කර 4.5 ක් විශාලයි. එ් නිසා කොළඹ වරායට අැතුල් කරන්න තියා හිතන්නවත් බෑ. ලංකාවට අාපු නැව කොළඹ වරායේ ඉදලා කිලෝමීටර් 1.5 විතර දුර ගැඹුරු මුහුදේ තමයි නැංගුරම් දාලා තිබ්බේ. නැවේ අාරක්ෂාවට 3000 ක විතර නිලධාරීන් පිරිසක් ඉන්නවා.

නිමිටස් නෞකාවේ අණදෙන නිලධාරියා රියර් අද්මිරාල් ග්‍රෙගරි හැරිස්. මේ නෞකාවන් සියල්ල හෙට අායෙත් අැමරිකාව බලා පිටත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post