News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

ගාලු කොටුව අස් කරන්න දින නියම කරයි.

8845 Views


ගාලු කොටුව අස් කරන්න දින නියම කරයි.

ගාලු කොටුව කියන්නේ දකුණේ තියෙන ප්‍රධානම සංචාරක ස්ථානයක්. එ් වගේම ලෝක උරුමයක්. මේ වෙද්දී ගාලු කොටුව අැතුලේ රාජ්‍ය අායතන කිහිපයක්, පාසල් වගේම සංචාරක හෝටල් රැසක් තියෙනවා. මේ රාජ්‍ය අායතන සහ පාසල් අවුරුදු 100 ක විතර ඉතිහාසයක් තියෙනවා.

හැබැයි ගාලු කොටුවේ තියෙන ඕල්සෙයින්ට් විද්‍යාලය අැතුළු රාජ්‍ය අායතන පහළොවක් දෙසැම්බර් 30 ට කලින් ඉවත් කරන්න කියලා. නීතිය සහ සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය තමයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් වරයාට මේ දැනුම්දීම කරලා තියෙන්නෙ. ගාල්ල ඕල්සෙයින්ට් විද්‍යාලය, පොලිස් සේවා පුහුණු අායතනය, මහේස්ත්‍රාත් අධිකරණය, තැපැල් කාර්යාලය සහ හාබර් මාස්ටර් කාර්යාලයත් එ් අතරට අැතුලත්.

මේකට හේතුව මොකක්ද කියලා අැහුවම ගාලු උරුමය පදනමේ සභාපති චන්න දාස්වත්ත මහතා කිව්වේ ඉඩ මදි නිසා ඕල්සේයින්ට් විද්‍යාලය ඉවත් කරනවා කියලා. අනෙක් රාජ්‍ය අායතන සේරම පැරණි ගොඩනැගිලි වල තියෙන නිසා නඩත්තු කරන්න සහ නවීකරණය කරන්න තියෙන අපහසුතා නිසා ඉවත් කරනවලු. එ් අායතන ඉවත් කරාට පස්සේ එම ගොඩනැගිලි සේරම සංරක්ෂණය කරලා අාර්ථික දේපලක් කරනවා කියලයි කියන්නෙ. ඉවත් කිරීමෙන් හිස් වෙන ගොඩවැගිලි 4 ක් සංසකෘතික කටුයුතු සදහාත් අනිත් ගොඩවැගිලි සංචාරක කර්මාන්තයටත් යොදා ගන්න නියමිතයි.

කොහොම වුනත් ඕල්සේයින්ට් විද්‍යාලය ඉවත් කරන එකට නම් පාසලේ ශිෂ්‍යයින්ගේ වගේම අාදී ශිෂ්‍යයින්ගෙත් එච්චර කැමැත්තක් නම් නෑ. අවුරුදු 100 කට අධික ඉතිහාසයක් තියෙන මේ ගොඩනැගිලි මොන දේට යොදා ගත්තත් හොදින් සංරක්ෂණය කරනන ඕන. මොකද මේ දේවල් අයිති අනාගතයට.

 


News Articles
Latest Videos
Most Popular Post