News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

අද ලග්න දෙකකට තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1837 Views


අද ලග්න දෙකකට තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 31 අගහරුවාදා

රාහු කාලය ප.ව 02.52 සිට 04.22

සුභ දිශාව නැගෙනහිර

මරු සිටින දිශාව බස්නාහි

 

 

මේෂ ලග්නය

තමන්ගේ පෞරුෂය වර්ධනය වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. පොදු කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා. විවාහ ජීවිතය තුල බාධා කම්කටොලු තිබුණානම් ඒවා විසදා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වේවි. ලෞකික සැප සම්පතින් කලකිරුණු ස්වභාවයක් ඇති වෙනවා. කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න කටයුතු කරන්න. වචන භාවිත කිරීමේදී ඉවසිලිවන්ත වෙන්න. ලගම පිහිටි බෝධීන් වහන්සේට එළඟි තෙල් පහන් 3ක් දල්වන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 07

වෘෂභ ලග්නය

අධ්‍යාපනික කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. සිතින් සිතා බලා සැලසුම් කරලා කරන කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත්කර ගත හැකියි. වැඩිදුර කල්පනා නොකර ආවට ගියාට කරන කටයුතු වලින් බාධා කම්කටොලු වගේම නීතිමය ගැටළුකාරී තත්වත් ඇති වෙන්න පුළුවන්. කායික ශක්තිය පිලිබදව ගැටළු ඇති වෙනවා. මානසික පීඩාකාරී තත්ව වලින් යම් යම් බාධාකාරී තත්ව නිර්මාණය කරනවා. වෘත්තිමය කටයුතු යම් සාර්ථකත්වයකට පත්කර ගත හැකි වෙනවා. කොමිස් මුදල් හිමි වීමේ කටයුතු දියරමය දේ අලෙවි කිරීමේ කටයුතු වලින් වගේම ජලාශ්‍රිත පරිසර වලින් යම් සහනයක් ලබා ගත හැකියි. සුරතල් මසුන් ඇති කිරීම වැනි කටයුතු වලින් පවා ධන ශක්තියක් ඇතිකර ගත හැකියි.

ජය වර්ණය විසිතුරු පැහැය                        ජය අංකය 07

මිථුන ලග්නය

ඔබගේ අධ්‍යාපනික ශක්තිය මතක ශක්තිය වැඩි දියුණු වෙනවා. තරගකාරි කටයුතු වලට ඉතාමත් යහපත් දවසක්. වෘත්තිමය කටයුතු දියුණු කරගන්න අපේක්ෂාවක් තිබුණානම් එවැනි කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. වෘත්තිමය කටයුතු සාර්ථක වෙනවා. ජිවිතේ අලුත් බලාපොරොත්තු සඵල වෙනවා. මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න.

ජය වර්ණය ලා කහ පැහැය                      ජය අංකය 07

කටක ලග්නය

ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. ඒවායින් යම් ආකාරයක චිත්ත පිඩාවක් පවතිනවා. යානවාහන වාසස්ථාන පිලිබදව කතාබහ කෙරේවි. ඒ පිලිබදව බොහෝ බලාපොරොත්තු ඔබ තුල ඇති වේවි. කටයුතු සම්පාදනය කරගනිද්දී අත්‍යවශ්‍ය කටයුතු වලට ප්‍රමුඛතාවය ලබා දෙන්න. ජයග්‍රාහී මානසිකත්වයෙන් ජයග්‍රාහී ලීලාවෙන් කටයුතු කරන්න හැකියාව වාසනාව ලැබේවි.

ජය වර්ණය ලා දම් පැහැය                        ජය අංකය 08

 

සිංහ ලග්නය

ඔබගේ පෞරුෂය ඉහල යනවා. විදේශගත සම්පත් දියුණු කරගැනීමේ ඉඩකඩක් පවතිනවා. දුරබැහැර ඥාතීන්ගේ පැමිණීම පවා සිදුවන දවසක්. සෙම් සහිත රෝග වලින් පුංචි හෝ බාධාකාරී තත්වයක් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. ආමාශගත රෝග තත්ව වුවත් ඇතිවිය හැකියි. අසල්වාසීන් සමග  හොදහිත වර්ධනය වේවි. තරමක කේන්ති සහගත සිතුවිලි නිතරම උදා වෙනවා. තමන් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට ඔබ උත්සහ කරනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු කීපයක් එකතු වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් පවා දියුණුවක් උදා වෙනවා.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 08

කන්‍යා ලග්නය

කායික ශක්තිය වගේම මානසික ශක්තිය ස්ථාවර තත්වයකට පත් වෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. සංචාරක කටයුතු හෝ එවැනි කටයුතු වලින් යම් සහනයක් සැලසෙනවා. අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න පුළුවන්. ආමාශගත රෝග වලින් පුංචි පුංචි පිඩා ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                     ජය අංකය 04

තුලා ලග්නය

රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලින් පවා යම් සහනයක් උදා කරගන්න පුළුවන්. වියදම් පාර්ශවය තරමක් ඉහල යාමේ ඉඩකඩ පෙන්නුම් කරනවා. දුරබැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. එවැනි ගමන් බිමන් වලින් පවා යම් සාර්ථකත්වයක් ලැබෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න සැලසුම් සකස් කරගන්න යහපත්. උගත් උසස් පුද්ගලයන්ගේ ඇසුර වැඩි වශයෙන් ලැබෙනවා. බොහෝ ජයග්‍රහණ ඔබ සතු කරගන්න පුළුවන්.

ජය වර්ණය ලා කහ පැහැය                       ජය අංකය 08

 

වෘශ්චික ලග්නය

 

පුංචි පුංචි බාධාකාරී තත්ව විටින් විට උදා වුනත් නිසොල්මනේ ඉන්න පුළුවන් හැකියාව ඔබ තුල පවතිනවා. ඔබගේ තුල තියෙන අස්ථාවරභාවය යටපත් කරලා ස්ථාවර මානසිකත්වයකින් කටයුතු ආරම්භ කිරීම වඩාත් වැදගත් වෙනවා. දුර බැහැර ගමන් වලින් අලුත් යාළුවන් හදුනා ගන්න අවස්ථාව උදා වෙනවා. පපුව ආශ්‍රිත රෝග තත්ව වලින් පුංචි හෝ බාධාකාරී තත්වයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. ඔබගේ මානසික ශක්තිය වර්ධනය කර ගත්තොත් ඔබට බොහෝ ආදායම් මාර්ග විවර කරගත හැකියි. අධික කාර්යබහුලත්වය හේතු කරගෙන කටයුතු අතපසු වීමේ ඉඩකඩ පවතිනවා.

ජය වර්ණය ලා දම්පැහැය                         ජය අංකය 08

ධනු ලග්නය

කාර්යබහුලතාවයේ අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකින් එක එකතු වුනත් නොනවතින කාරයබහුලතාවය මුල් කරගෙන හිසේ බරගතිය කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග වලින් බාධා ඇති වෙනවා. සතුරු කරදර ඇති වෙන්න ඉඩ තියෙන්නේ ඔබේ අවිස්වාසය මුල් කරගෙන. වචන භාවිතයේ මන්දගාමී ස්වභාවයක් ඇති වෙනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                   ජය අංකය 09

 

මකර ලග්නය

අතහැරලා දාල තිබුන බොහෝ කටයුතු යලි ආරම්භ කරන්න පුළුවන්. ජවසම්පන්න ලීලාවෙන් බොහෝ දේවල් ඔබ අතහනවා. ඒ කටයුතු සාර්ථක කරගන්න උසස් නිලධාරීන්ගේ සහය ඔබට නිරන්තරයෙන් හිමි වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව පුංචි පුංචි ගැටළු ඇති වේවි. නමුත් සන්නිවේදන මෙවලම් උපකරණ භාවිත කරගෙන ඔබට බොහෝ ජයග්‍රහණ හිමි වෙනවා. කෙටි ගමන් බිමන් කීපයක් යෙදෙනවා. එවැනි ගමන් බිමන් වලින් තෙහෙට්ටු ගති ලක්ෂණ ඇති වේවි. කායික රෝග ඇති වුනොත් ඉතා ඉක්මනින් බෙහෙත් ගන්න.

ජය වර්ණය ලා දම්පැහැය              ජය අංකය 06

කුම්භ ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා. ඥාන ශක්තිය වර්ධනය වෙනවා. ආගමික නායකයන්ගේ උදව් උපකාර හිමි වෙනවා. අලුත් ආරම්භයන් සටහන් කරන්න ඉතාමත්ම යහපත්. බොහෝ පීරිස් ඔබේ උදව් සොයාගෙන එනවා. ආගමනුකුල කටයුතු වලින් පිහිට රැකවරණය ලබා ගන්න හැකි දිනයක්. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වලින් පුංචි හෝ බාධා ඇති වෙනවා.

ජය වර්ණය ලා දම්පැහැය             ජය අංකය 03

මීන ලග්නය

කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා. අතහැරලා දාල තිබුන කටයුතු වලින් මානසික පීඩාකාරී ස්වභාවයක් ඇති වේවි. ජිවිතයට කලකිරීම් එකතු වෙනවා. ලගින් ආශ්‍රය කරපු අය දුරස් වෙනවා. එවැනි කටයුතු නිසා කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. කායික ශක්තිය දුර්වල වෙනවා. ප්‍රේම සබදතා ශක්තිමත් කරගන්න ඔබේ කැපවීම අවශ්‍යම දවසක්. මනස නිරවුල්ව පවත්වා ගන්න කායික ශක්තිය වර්ධනය කරගන්න ඔබ උත්සහ ගත යුතුයි.

ජය වර්ණය විසිතුරු පැහැය                        ජය අංකය 05

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766 765 353


News Articles
Latest Videos
Most Popular Post